32 C
Colombo
Monday, January 20, 2025

කාබුල් ප්‍රහාරයෙන් 15 දෙනෙකු ජීවිතක්ෂයට

- Advertisement -

ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර අද (26) පස්වරුවේ සිදු වූ සිදුවීම් මාලාවෙන් 15 දෙනකු පමණ මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර හමීඩ් කර්සායි ගුවන් තොටුපොළට ඇතුළු වන ගේට්ටුවක් ආසන්නයේ සිදු වූ බවට විදෙස් මාධ්‍ය මුලින්ම වාර්තා කළේය.

පසුව තවත් පිපිරීමක් සිදු වූ බවත් වෙඩි තැබීම් සිදුව ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මේ සිදුවීම්වලින් මියගිය හෝ තුවාල ලැබූ පිරිස් සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තොරතුරු වාර්තා නොවන අතර තලේබාන් සටන්කාමීන්, ඇමෙරිකානු ජාතිකයන්, දරුවන් තුවාල ලැබූවන් අතර සිටින බව වාර්තා වේ.

ඇමෙරිකානු සහ බ්‍රිතාන්‍ය හමුදා සිටින ඇබේ ගේට්ටුව අසළ මෙම පිපිරීම සිදුව ඇතැයි ද ඒ ආසන්නයේ හෝටලයක් ද ඇතැයි බී.බී.සී. පුවත් සේවය වාර්තා කළේ ය.

ඇෆ්ගනිස්තානයේ කාබුල් ගුවන් තොටුපොළ ආසන්නයට එල්ල වූ මරාගෙන මැරුණු බෝම්බ ප්‍රහාරයෙන් දරුවන් ඇතුළු 13 දෙනකු මියගොස් ඇතැයි තලේබාන් සංවිධානයේ නිලධාරියකු උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර තිබිණි.

ඉස්ලාමික් ස්ටේට් හෙවත් අයි.එස්. සංවිධානය ප්‍රහාරයක් එල්ල කරනු ඇතැයි ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඔවුන්ගේ මිත්‍ර පාර්ශව අනතුරු අඟවා පැය කිහිපයක් ගතවෙද්දි මෙම ප්‍රහාරය එල්ල විය.

අයි.එස්. සංවිධානය ප්‍රහාරයක් එල්ල කරනු ඇති බවට විශ්වාසනීය තොරතුරු ලැබී ඇතැයි ද එම නිසා ගුවන් තොටුපොළ දෙසට ගමන් කිරීම හෝ ගුවන් තොටුපොළ ආසන්නයේ රැඳී සිටීමෙන් වළකින්නැයි ඇමෙරිකානු, බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියානු ඇතුළු බටහිර රටවල් සිය පුරවැසියන්ට සහ ඇෆ්ගන් වැසියන්ට බදාදා අනතුරු ඇඟවීය.

RECENT ARTICLES - SINHALA

විජිත් විජයමුණිට ඇප

හිටපු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතාට ඇප නියමව තිබෙනවා.

ඔන්ලයින් කෝච්චි ටිකට් වංචාව ගැන විමර්ශන

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තු හා මොබිටෙල් සමාගම ක්‍රියාත්මක කරන මාර්ගගතව ආසන වෙන් කිරීමේ ටිකට් පත්, නිකුත් කළ වහාම මිලදීගෙන යළි වැඩි මිලකට අලෙවි කිරීමේ...

මනූෂ CIDයට ප්‍රකාශයක් දෙන්න සුදානම්

දකුණු කොරියවේ රැකියා ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා හෙට (21) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදීමට සූදානම් බව ඔහුගේ...

POPULAR ARTICLES