29 C
Colombo
Saturday, July 27, 2024

ඇෆ්ගනිස්ථානයේ හමීඩ් කර්සායි ගුවන්තොටුපල අසල පිපිරීමක්

- Advertisement -

ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර ගුවන් තොටුපොළට ඇතුළු වන ගේට්ටුවක් ආසන්නයේ දැවැන්ත පිපිරීමක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කාබුල් අගනුවර හමීඩ් කර්සායි ගුවන් තොටුපොළට ඇතුළු වන ගේට්ටුවක් ආසන්නයේ මෙම පිපිරීම සිදුව තිබෙන අතර මෙම පිපිරීම මරාගෙන මැරුණු බෝම්බ ප්‍රහාරයක් යැයි ද එම වාර්තාවල දැක්වේ.

ඇෆ්ගනිස්තානයේ ක්‍රියාත්මක අයි.එස්. සංවිධානය මෙම ප්‍රහාරය සිදු කර ඇතැයි ද දැනට වාර්තා වේ.

කෙසේ නමුත් මෙතෙක් කිසිවකුත් ප්‍රහාරයේ වගකීම බාරගෙන නොමැති අතර ප්‍රහාරයෙන් කවුරුන් හෝ තුවාල හෝ මියගොස් ඇතැයි ද යන්න ද මෙතෙක් වාර්තා නොවේ.

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් දැනුවත් කර ඇතැයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ධවල මන්දිරයේ නිලධාරියෙක් කීය.

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් මුලින්ම තොරතුරු වාර්තා වන අවස්ථාවේ දී ඇමෙරිකානු ජනාධිපතිවරයා සිය ආරක්ෂක නිලධාරීන් සමඟ ඇෆ්ගනිස්තානයේ තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටි බව ද ආරංචි මාර්ග සඳහන් කරයි.

ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් සිය පුරවැසියන්, රාජ්‍ය තාන්ත්‍රිකයන් මෙන්ම ඔවුන්ට සහාය දැක්වූ ඇෆ්ගන් වැසියන් මුදාගනිමින් සිටින මොහොතක මෙම ප්‍රහාරය එල්ල විය.

මෙලෙස ප්‍රහාරයක් එල්ල විය හැකි යැයි ඇමෙරිකානු, බ්‍රිතාන්‍ය සහ ඔස්ට්‍රේලියානු ඇතුළු බටහිර රටවල් කිහිපයක බුද්ධි අංශ බදාදා දිනයේ දී අනතුරු අඟවා තිබිණි.

ඒ අනුව ගුවන් තොටුපොළට පැමිණීමෙන් හෝ ගුවන් තොටුපොළ ආසන්නයේ සිටීමෙන් වළකින්නැයි එම රටවල් සිය වැසියන්ට සහ ඇෆ්ගන් වැසියන්ට අනතුරු ඇඟවීය.

“කාබුල් ගුවන් තොටුපොළ පිටත දැවැන්ත පිපිරීමක් සිදු වී ඇති බව අපට තහවුරු කරන්න පුළුවන්. තුවාල ලැබූවන් හෝ ඒ කිසිවකු ගැන තවමත් තහවුරු කරන්න බැහැ. අපට පුළුවන් වූ වහාම අපි තොරතුරු ලබාදෙනවා” යැයි පෙන්ටගනයේ ප්‍රකාශක ජෝන් කර්බි පැවැසීය.


RECENT ARTICLES - SINHALA

මෛත්‍රිගෙන් දයාසිරියට අභියෝගයක්

ඉදිරි අගෝස්තු 08 වන දින සමගි ජන බලවේගය සමග එක් වීමට දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් මේ වන විටත් ගිවිසුම්ගත වී සිටින අතර ඒ සම්බන්ධයෙන්...

අගමැති හදන්නේ විධායකයයි අධිකරණයයි අතර ගැටුමක් හදන්න-ඉරාන්

පොලිස්පතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණ ලබාදුන්න නියෝගය පිළිනොගන්නා බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදි සිදුකළ ප්‍රකාශය සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ...

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...