27.9 C
Colombo
Saturday, April 27, 2024

අගෝස්තුවේ සිට ආහාර හිඟයක්..! – අගමැති 

- Advertisement -

එළඹෙන කන්නය සඳහා වී වගාවට පොහොර නොමැති හෙයින් අගෝස්තු මාසයේ සිට ශ්‍රී ලංකාවේ ආහාර අර්බුදයක් ඇතිවිය හැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඒ ‘ස්කයි නිව්ස්’ පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්.

ප්‍රශ්නය –

“වර්තමාන තත්වයට වගකිවයුත්තේ කවුද ?”

රනිල් –

“පසුගිය පාලනය තමයි වගකියන්න ඕනෑ. මීට පෙර සිදුව නැති අන්දමින් අපි බංකොලොත්භාවයකට පත්වෙලා තිබෙනවා. අපට ඩොලරුත් නෑ, රුපියලුත් නෑ”

ප්‍රශ්නය –

“ජනාධිපතිවරයා තවමත් බලයේ රැඳී සිටිනවා. ඔහුගේ සහෝදරයා අගමැතිකමෙන් ඉවත් වෙලා. කෙසේවෙතත් පසුගිය දශක දෙකක් රට පාලනය කළේ ඔවුන්ගේ පවුලයි. ජනාධිපතිවරයා ඉල්ලා අස්විය යුතුද ?”

රනිල් –

“එය මතභේදාත්මක තත්වයක්. ගෝල්ෆේස් පිටියේ සිටින ජනතාව කියන්නේ ජනාධිපතිවරයා ඉල්ලා අස්විය යුතුයි කියා. අනිත් පැත්තෙන් නීතිඥ සංගමය කියන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළයුතුයි කියා. ඔවුන් ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීමක් ගැන කිසිවක් කියා නෑ”

ප්‍රශ්නය –

“මේ වනවිට රටපුරා දැවැන්ත උද්ඝෝෂණ පැවැත්වෙනවා ?”

රනිල් –

“තරුණයින් දකිනවා ඔවුන්ගේ අනාගතය උදුරාගෙන කියලා. ඒ වගේම වැඩිහිටියනුත් පීඩාවට පත්ව සිටිනවා. මධ්‍යම පාන්තිකයින්ගේ ජීවන මට්ටම කඩාවැටෙමින් තිබෙනවා. ගොවීන් පොහොර නැතිව පීඩාවට පත්වෙලා. ඔබ ඔය දකින උද්ඝෝෂණය ( අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ විරෝධතාවක් පෙන්වයි ) සිදුකරන්නේ සටන්කාමී තරුණ කණ්ඩායමක්, ඔවුන් සාමාන්‍යයෙන් වසර මෙවැනි උද්ඝෝෂණ පහක් – හයක් කරනවා. ජල ප්‍රහාරවලට ලක්වීමත් ඔවුන්ගේ ඉලක්කයක්. නමුත් එයින් කියවෙන්නේ නෑ ශ්‍රී ලංකාවේ උද්ඝෝෂණ නැහැයි කියලා. උද්ඝෝෂණ තියෙනවා. ඒ ජනතාවට තවදුරටත් පීඩනය දරාගන්න බැරි නිසා. ඇත්ත වශයෙන්ම අපි ඉන්නේ එතරම් ස්ථාවර තත්වයක නෙවෙයි. මේ කන්නයේ වීවගාවට පොහොර නෑ. ඒ නිසා සහල් නිෂ්පාදනය අඩුවේවි. ඒ නිසා අගෝස්තු මාසයේ සිට ශ්‍රී ලංකාවේ ආහාර අර්බුදයක් ඇතිවීමේ සම්භාවිතාවක් තියෙනවා. අපි බලන්න ඕනෑ ලබන අවුරුද්දේ මාර්තු පමණ වනතෙක් ජීවිත රැකගන්නේ කොහොමද කියලා

අපට ණය ආපසු ගෙවීමට මුදල් නෑ. අපි එය පිළිගත යුතුයි. මම ඒ ගැන ලැජ්ජාවට පත්වෙනවා. නමුත් එය තමයි යතාර්ථය. අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සම්බන්ධ වෙමින් ඉන්නවා, නමුත් ඊට කාලයක් ගතවෙනවා”

RECENT ARTICLES - SINHALA

ජයශ්‍රී ට එරෙහි නඩුවට දින නියම කෙරේ

අරුණ ලියාන් මහතා සිය බුද්ධිමය දේපළ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ජයලත් සහෝදරයින්ට එරෙහිව ගොනු කර ඇති නඩුව ගරු වාණිජ මහාධිකරණය ඉදිරියේ අද (26) දින...

කළුතර පොලිස් නිළධාරින් බලා සිටියදී පිරිසක් කාන්තාවකට ආයුධ වලින් පහරදිලා

කළුතර නාගොඩ රෝහලේ ප්‍රධාන දොරටුව අසල පොලිස් නිලධාරීන් සහ ආරක්ෂක නිලධාරීන් බලා සිටියදී රෝහලට පැමිණි කාන්තාවකට තියුණු ආයුධවලින් පහර දී තිබෙනවා. පහරදීම සිදුකර ඇත්තේ කළුතර,...

ඇල්ල – වැල්ලවාය මාර්ගයත් නායයාමේ අවදානම් තත්ත්වයක

ඇල්ල, කරදගොල්ල, දහය කණුව ප්‍රදේශයේ මේ වන විට නායයෑමක් සක්‍රීය වී තිබෙනවා. ඇල්ල - වැල්ලවාය මාර්ගයටද බලපෑම් ඇතිවිය හැකි බැවින් රියැදුරන් ඒ පිළිබඳව සැළකිලිමත් වීම...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් ගැන සුසිල්ගෙන් දැනුම් දිමක්

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් සඳහා 60,000ක් ඉල්ලුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. එහි කටයුතු ලබන සතිය වන විට අරඹන බවත් විද්‍යාපීඨ...