27.8 C
Colombo
Friday, April 26, 2024

උතුරු කොරියාවේ ආහාර හිඟයක්. වහාම විසඳන්නැයි කිම් ජොන් උන්ගෙන් නිලධාරින්ට නියෝග

- Advertisement -

වහාම රට තුළ උද්ගත වී ඇති ආහාර සැපයුම් ගැටලු විසඳීමට කටයුතු කරන ලෙස උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සිය නිලධාරීන්ගෙන් ඉල්ලා සිට ඇතැයි ජ්‍යාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඔහු එහිදී දේශගුණික විපර්යාසයේ අවදානම අවධාරණය කරීමට ද කටයුතු කර ඇති බවයි එම වාර්තා පෙන්වා දෙන්නේ.

පසුගිය වසරේ ඇති වූ සුළි කුණාටු අත්‍යවශ්‍ය බෝග වලට නරක ලෙස බලපෑ අතර සති ගණන් නියඟය සහ අධික මෝසම් වර්ෂාව හේතුවෙන් මේ වසරේදී ද ඒවාට හානි සිදු වීම හේතුවෙන් රට විශාල ආහාර හිඟයක් වෙත යමින් සිටින බව පැවසෙනවා.

බ්‍රහස්පතින්දා ආණ්ඩු පක්ෂයේ දේශපාලන මණ්ඩලය අමතමින් කිම් ජොන් උන් සදහන් කළේ එම තත්ත්වය මධ්‍යයේ “අසාමාන්‍ය දේශගුණය” මැඩපැවැත්වීම සඳහා පියවර ගත යුතු බවත් නියඟය සහ ගංවතුර තත්ත්වය පාලනය කිරීමට කටයුතු කරන ලෙසයි.

පසුගිය වසර කිහිපය තුළ දේශගුණික විපර්යාසයන්ගේ “අවදානම” ඉහළ ගොස් ඇති අතර “හදිසි පියවර” ගත යුතු බව ඔහු මෙහිදී අවධාරණය කර තිබෙනවා.

ස්වාභාවික විපත් වලින් සිදු වූ හානිය මෙන්ම කොවිඩ් පැතිරීම වැළැක්වීම සඳහා දේශ සීමා වසා දැමීම දැඩි අගුලු දැමීම සහ ජ්‍යාත්‍යන්තර සම්බාධක ද උතුරු කොරියාවේ ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල කරනු ලබන බව සඳහන් වෙනවා.

උතුරු කොරියාව කිසිදු කොවිඩ් සිද්ධියක් වාර්තා නොකළද, එය සිය දේශසීමා මුද්‍රා තබා අගුලු දැමීමට කටයුතු කරනු ලැබුවා.

එම දේශසීමා වසා දැමීම චීනයෙන් කෙරෙන වැදගත් ආනයන වලට බලපා ඇති බවයි පැවසෙන්නේ.

RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිසේනගේ මැයි රැලිය ගම්පහ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කරන්න ඕන-බන්දුල ගුණවර්ධන

ගොඩ ගැසී ඇති සියලු ම රියදුරු බලපත් එළඹෙන අගෝස්තු මාසය වන විට නිකුත් කර අවසන් කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන...

මත්පැන් හිඟ බදු මුදල් ගැන තීරණයක්

2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ජුනි මස 30 වනදා වනවිට අයකර ගැනීමට කටයුතු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අරගලයේ වෙනස අපි පටන් ගන්න සුදානම්-නාමල්

අරගල සමයේ සටන් පාඨය බවට පත්වූ ක්‍රම වෙනසක් ඇති කිරීම සිය පක්ෂය තුළින්ම ආරම්භ කිරීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු...