30 C
Colombo
Monday, March 20, 2023

ජාත්‍යන්තර ප්‍රජාව සමග ගනුදෙනුව ෂරියා නීතිය අනුව පමණයි – ඇෆ්ගන් අධ්‍යාත්මික නායකයා

- Advertisement -

තලෙයිබාන් සංවිධානය ෂරියා නීතියට අනුකූලව ජාත්‍යන්තර ප්‍රජාව සමඟ කටයුතු කරනු ඇති බව දැඩි මතධාරී ඉස්ලාමීය කණ්ඩායමේ උත්තරීතර අධ්‍යාත්මික නායක හයිබතුල්ලා අකුන්සාදා ප්‍රකාශ කර සිටියි.

ඇෆ්ගනිස්ථානයේ තොරතුරු අමාත්‍යාංශය විසින් මාධ්‍ය වෙත නිකුත් කරනු ලැබූ නිවේදනයේ මේ සම්බන්ධයෙන් සඳහන් ව ඇති බව එරට මාධ්‍ය පවසයි.

තවමත් කිසිදු විදේශ රජයක් විසින් තලෙයිබාන් පාලනය විධිමත් ලෙස පිළිගෙන නොතිබීම සහ තලෙයිබාන් සංවිධානයට එරෙහිව ජාත්‍යන්තර සම්බාධක දැඩි ලෙස ක්‍රියාත්මක කිරීම මෙන් සංවර්ධන ආධාර කපා හැරීම හේතුවෙන් ඔවුන් දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටී.

ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන්ට පනවා ඇති සීමාවන් ලිහිල් කිරීමට සහ ගැහැණු ළමයින් සඳහා පාසල් විවෘත කිරීම යන කරුණු සම්බන්ධයෙන් අමෙරිකාව ඇතුළු ලොව රටවල් රැසක් තලේබාන් සංවිධානයට බලපෑම් කර ඇත.

ඇෆ්ගනිස්ථානයේ වෙසෙන ගෝත්‍රික නායකයින්, නිලධාරීන් සහ ආගමික විද්වතුන් 3,000 කට අසන්න පිරිසක් පමණ ඊයේ විශේෂ රැස්වීමකට කැඳවා තිබු අතර එහිදී උත්තරීතර අධ්‍යාත්මික නායක හයිබතුල්ලා අකුන්සාදා මේ බව ප්‍රකාශ කර ඇත.

“මෙම රැස්වීම කැඳවා ඇත්තේ අල්ලාහ්ගේ ආශිර්වාදයෙන් අපට ලැබුණු නිදහස, අපගේ මුජාහිදීන්ගේ (සටන්කරුවන්) ලෙයින් අප ලබා ගත් නිදහස ගැන සිතා බැලීමට බවත් අප ජාත්‍යන්තර ප්‍රජාව සමඟ ඉස්ලාමීය ෂරියා ප්‍රකාරව කටයුතු කරනවා.. ඔවුන් ෂරියා නීතිය අනුව ක්‍රියා නොකරන්නේ නම් අප වෙනත් කිසිදු රටක් සමඟ ගනුදෙනු නොකරමු,” යන්න උත්තරීතර අධ්‍යාත්මික නායකයා ප්‍රකාශ කර ඇත.

RECENT ARTICLES - SINHALA

පොලිස්පතිගෙන් සියළු පොලිස් ස්ථානවලට විශේෂ දැනුම් දීමක්

0
පොලීසිය විසින් සිදුකරන වැටලීම්, මෙහෙයුම්, සැකකරුවන්ගේ ප්‍රශ්ණ කිරීම්, අත්අඩංගුවට ගැනීම ආදිය සම්බන්ධව වීඩියෝ දර්ශන, පින්තුර මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කර ප්‍රචාරය කිරීම සියලුම...

විදුලි පාවිච්චිකරන්නන්ගේ සංගමයට ඇමති ගෝලයෝ පහරදීලා

දිවුලපිටිය - ගොඩිගොමුව ප්‍රදේශයේදී විදුලි පාවිච්චිකරන්නන්ගේ සංගමයේ සාමාජීකයින් කිහිපදෙනෙකුට පහරදීමක් සිදුකර තිබෙනවා. විදුලි බිල ඉහළ දැමීමට එරෙහිව එම සංගමය...

වසන්ත මුදලිගේ ෂැන්ග්‍රිලා ගියාද? ඇත්ත මෙන්න

0
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වන වසන්ත මුදලිගේ මහතා සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍යවල දැඩි කතාබහක් ඇතිව තිබෙනවා.

RECENT ARTICLES - ENGLISH

Breaking: Dimuth to step down from captaincy

0
Sri Lanka Cricket Test Skipper Dimuth Karunaratna today said he has informed the SLC selection committee that he will step down from...

“We are no longer a bankrupt nation”: President

0
President Ranil Wickremesinghe said Sri Lanka will no longer be declared a bankrupt nation in the next few days.

BREAKING – Unit 3 of Norochcholai power plant breakdown again

0
Unit 3 of the Norochcholai Coal Power Plant has experienced a breakdown, Minister of Power and Energy Kanchana Wijesekera said.