29.4 C
Colombo
Friday, April 26, 2024

විදේශ අමාත්‍යාංශ ගොඩනැගිල්ලත් හිස් කෙරෙයි

- Advertisement -

දැනට විදේශ අමාත්‍යාංශය පවත්වාගෙන යනු ලබන ජනරජ ගොඩනැගිල්ලේ ප්‍රමාණවත් ඉඩකඩ නොමැතිබව පවසමින් විදේශ කටයුතු අමාත්‍යාංශය එම ස්ථානයෙන් ඉවත්කිරීමට රජය කටයුතු කරමින් සිටිනවා.

ඒ අනුව විදේශ අමාත්‍ය ජී.ඇල්.පීරිස් මහතා විසින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරමින් යෝජනා කර ඇත්තේ විදේශ අමාත්‍යාංශය එම ස්ථානයෙන් ඉවත්කර නාගරික සංවර්ධන අධිකාරිය සතු විද්‍යා මාවතේ පිහිටි දැනට කාර්මික තාක්ෂණ ආයතනය විසින් භාවිතා කරන ඉඩමෙහි නව ගොඩනැගිල්ලක් ඉදිකිරීමටයි.

විදේශ අමාත්‍යවරයා සඳහන් කරන්නේ වත්මන් විදේශ අමාත්‍යංශ ගොඩනැගිල්ලේ ප්‍රමාණවත් පහසුකම් නොමැතිවීම නිසාවෙන් එම අමාත්‍යාංශය යටතේ පවතින අංශ කිහිපයක්ම ප්‍රධාන කාර්යාලයෙන් බැහැරව වෙනත් ස්ථානවල පවත්වාගෙන යන බවයි.

ඒ හේතුවෙන් විවිධ පරිපාලනමය ගැටළුවලට මුහුණ පෑමට සිදුව ඇති බැවින් වර්තමාන අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි ප්‍රමාණවත් ඉඩකඩ සහිතව නව ගොඩනැගිල්ලක් ඉදිකිරීමේ අවශ්‍යතාවය පැන නැගී ඇති බව එම කැබිනට් පත්‍රිකාවේ සදහන්.

කෙසේ වෙතත් වැඩි වාණිජ වටිනාකමක් සහිත ස්ථානයක පිහිටා ඇති වත්මන් විදේශ අමාත්‍යාංශ ගොඩනැගිල්ලට ඉන්පසුව සිදුවන්නේ කුමක්දැයි මේ වන තෙක් වාර්තා වන්නේ නැහැ.

RECENT ARTICLES - SINHALA

නව පත්කිරීම් කිහිපයකට අනුමැතිය

නව තානාපතිවරයෙක්, අමාත්‍යාංශ ලේකම්වරයෙක් සහ ආයතන සභාපතිවරයන් දෙදෙනෙක් පත් කිරීම සඳහා පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබා දී තිබෙනවා. ඒ අනුව...

අයිස් සමග හසුවූ ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනා තවදුරටත් රිමාන්ඩ්

මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකපිට අත්අඩංගුවට ගත් නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සැකකරුන් හතර දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (26)...

දුම්රියට ගොඩ වෙන්න හැදූ දෙදෙනෙක් අනතුරක

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී දුම්රියකට ඇතුළු වීමට උත්සාහ කළ  පුද්ගලයන් දෙදෙනෙකු අනතුරකට ලක්ව තිබෙනවා. කොළඹ කොටුව සිට මහනුවර බලා ධාවනය වීමට නියමිත දුම්රිය වේදිකාවේ නැවැත්වීමට...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...