33 C
Colombo
Friday, March 29, 2024

DIG බිම්ෂානි වෙනුවෙන් පා. මන්ත්‍රීවරියන්ගේ සංසදය පෙරට

- Advertisement -

මෙරට ප්‍රථම කාන්තා නියෝජ්‍ය පොලිස්පතිනියක ලෙස පත් වූ බිම්ෂානි ජාසිංහආරච්චි මහත්මියගේ උසස් වීම අභියෝගයට ලක් කිරීම හෙළා දකින බවත් ඇයගේ වෘත්තීය අයිතිවාසිකම් සහ රැකියාවේ සුරක්ෂිතභාවය වෙනුවෙන් පක්ෂ භේදයකින් තොරව තම සංසදය පෙනී සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය අද (18) පාර්ලිමේන්තුවේදී මාධ්‍ය හමුවක් පවත්වමින් පවසයි. 

එම සංසදයේ සභාපතිනි රජය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කරන්නේ බහුතරයක් පිරිමි නියෝජනය කරන ශ්‍රී ලංකා පොලීසිය වැනි ආයතනයක කාන්තාවක් එහි උසස්ම තනතුරකට පත්වීම පුරුෂ සමනාත්මතාවයට හවුල් වීමක් ලෙස සලකන බවයි. 

නමුත් ඇයට එරෙහිව පවතින තත්ත්වය සම්බන්ධයෙන් අප්‍රසාදය පළකරන බවත් කාන්තාවන් පොලිස් සේවයට බඳවා ගන්නේ නම් නිසි ලෙස ඔවුන්ට උසස්වීම් පටිපාටිය සඳහා  හිමිකම් තිබිය යුතු බව රාජ්‍ය අමාත්‍යවරිය කියා සිටියි. 

මෙහිදී අදහස් දක්වන එම සංසදයේ උපසභාපතිනී රෝහිණි කවිරත්න මන්ත්‍රීවරිය පවසන්නේ බිම්ෂානි ජාසිංහආරච්චි මහත්මිය සිය රාජකාරිය නිසි ලෙස ඉටුකිරීම නිසා ඇයට හිමි උසස්වීමට එරෙහිව පුරුෂ සමාජය කටයුතු කිරීම ගැන පිළිකුලක් ඇතිවන බවයි.

කෙසේවෙතත් නියෝජ්‍ය පොලිස්පතිනිගේ රැකියාවේ සුරක්ෂිතභාවය වෙනුවෙන් කැප වන බව මෙම සියලුම මන්ත්‍රීවරියන අවධාරණය කරයි. 

එමෙන්ම අද (18) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා සඳහන් කරන්නේ  ප්‍රථම කාන්තා නියෝජ්‍ය පොලිස්පතිනියට එරෙහිව අධිකරණට පෙත්සමක් ඉදිරිපත් කිරීම ගැන කණගාටු වන අතර එවැනි පත්වීමක් අපට ආඩම්බරයක් ද වන බවයි. 

එමෙන්ම එම පෙත්සම පරාජය වනු ඇති බවද ඔහු කියාසිටියි.

RECENT ARTICLES - SINHALA

රුසියානු – යුක්රේන යුද්යෙන් මියයන ශ්‍රී ලාංකික සෙබලුන් ගැන වාර්තාවක්

රුසියානු – යුක්රේන යුද්ධය අතරතුර ශ්‍රී ලාංකික සෙබළුන් 5 දෙනෙකු පමණ මේ වන විට මිය ගොස් ඇති බව අල්ජසීරා පුවත් සේවය වාර්තා කරනවා. එම වාර්තාවල සඳහන්...

පෝට් සිටි අධිවේගී මාර්ගය විවෘත කෙරෙන දිනය

කොළඹ ඉඟුරු කඩේ මංසන්ධියේ සිට කොළඹ වරාය නගරය දක්වා අධිවේගී මාර්ගය ලබන ජූනි මස විවෘත කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා. කිලෝමීටර් 5.3ක දිගින් යුත්...

පොහොට්ටුව යළිත් දෙදරා යන ලකුණු

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂය තුළ පොහොට්ටු පක්ෂය තුළ අභ්‍යන්තර වශයෙන් බෙදීමක් හට ගෙන ඇති බවට පුවතක් ‘ඩේලි මිරර්’ වාර්තා කරනවා. ඉදිරි ජනාධිපතිවරණය සඳහා...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...