රුසියාවේ මොස්කව් හී සිදු වු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පිරිස අතරින් සිව්දෙනෙකුට එරෙහිව ත්‍රස්තවාදය සම්බන්ධයෙන් අධිචෝදනා ගොනුකිරීමට පියවර ගෙන තිබෙනවා.
ඒ අනුවමොස්කව් දිස්ත්‍රික් අධිකරණයක් උපුටා දක්වමින් විදෙස් වාර්තා සඳහන් කළේ, ඔවුන් සිව්දෙනාට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් හිමිවිය හැකි බවයි.
පසුගිය සිකුරාදා මොස්කව් අගනුවර රඟහලකට එල්ල වු ප්‍රහාරයෙන් පුද්ගලයින් 137 දෙනෙකු මියගොස් ඇති අතර, 200කට ආසන්න පිරිසක් තුවාල ලැබුවා.
මේ සම්බන්ධයෙන් පුද්ගලයින් 11 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර ඔවුන්ගෙන් 04 දෙනෙකුට එරෙහිව මෙලෙස අධිචෝදනා ගොනුකර තිබෙනවා.
ඒ අනුව, ඔවුන් එරට අධිකරණයක් හමුවට පමුණුවා ඇති අතර මැයි මස 22වනදා දක්වා සැකකරුවන් රඳවා තබාගැනීමට නියෝග කර ඇති බව සඳහන් වනවා.
කෙසේවෙතත්, ඔවුන්ගේ නඩු විභාග දිනය නියමවන දිනය අනුව රඳවා තබා ගැනීමේ කාලය දීර්ඝ වනු ලබනවා.
එමෙන්ම අධිකරණය උපුටා දක්වමින් විදෙස් වාර්තා සඳහන් කළේ, විත්තිකරුවන් දෙදෙනෙකු මේ වන විට වරද පිළිගෙන ඇති බවයි.