27.8 C
Colombo
Friday, April 26, 2024

ජාත්‍යන්තර යුද අධිකරණයට යා යුතුයි – ටී.එන්.පී.එෆ්

- Advertisement -

මෙරට සිදු වී යැයි කියන යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර යුද අධිකරණයට පැමිණිලි කිරීමට උතුරේ දේශපාලන කණ්ඩායම්වල අවධානය යොමු වී තිබේ. 

දෙමළ ජාතික මහජන පෙරමුණේ (ටී.එන්.පී.එෆ්) නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා  එක්සත් ජාතින්ගේ සංවිධායේ මෙරට නේවාසික සම්බන්ධීකාරක හනා සිංගර් මහත්මියට මේ බව දන්වා ඇත.

එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ප්‍රශ්නය රඳවා ගැනීමෙන් දෙමළ ජනයාට සාධාරණයක් ඉටු නොවන බැවින් මෙවැනි පියවරක් ගැන සිතා ඇති බව පොන්නම්බලම් මහතා එක්සත් ජාතින්ගේ සංවිධායේ මෙරට නේවාසික සම්බන්ධීකාරකවරියට අවධාරණය කර ඇත. 

මෙරට සිදු වී යැයි කියන ජනසංහාරය හා මානව හිමිකම් කඩවීම්වලට ශ්‍රී ලංකා රජය වගකිව යුතු යැයි ද කිසිදු ආණ්ඩුවකට එයින් බේරෙන්නට නොහැකි යැයි ද පවසා ඇති පොන්නම්බලම් මහතා වගවීමකින් තොරව සංහිඳියාවක් නැති බව ආණ්ඩුවට අවධාරණය කරන්නැයි සිංගර් මහත්මියගෙන් ඉල්ලා ඇත.

ඔහු මෙම කරුණු දැනුම්දීම කර ඇත්තේ කොළඹදී පැවැති විශේෂ සාකච්ඡාවකදීය.

එකම රටක් එකම නීතියක් යැයි පවසන කණ්ඩායමක් විසින් සකසන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන තමන්ට කිසිදු විශ්වාසයක් නැතැයි ද එයින් දෙමළ ජනතාවට යුක්තියක් ඉටු නොවනු ඇතැයි ද පොන්නම්බලම් මහතා සඳහන් කර ඇත.

වගවීමක් පිළිබඳ හැඟීමක්වත් තමන්ට නැති බව මාරුවෙන් මාරුවට බලයට පත් වූ ආණ්ඩු පසුගිය කාලයේදී හොඳින් ඔප්පු කර ඇතැයි ද එනිසා යුක්තිය පමාවීම ගැන ජාත්‍යන්තර අවධානය දැන් අවශ්‍ය යැයි ද පොන්නම්බලම් මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත. 

RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිසේනගේ මැයි රැලිය ගම්පහ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කරන්න ඕන-බන්දුල ගුණවර්ධන

ගොඩ ගැසී ඇති සියලු ම රියදුරු බලපත් එළඹෙන අගෝස්තු මාසය වන විට නිකුත් කර අවසන් කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන...

මත්පැන් හිඟ බදු මුදල් ගැන තීරණයක්

2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ජුනි මස 30 වනදා වනවිට අයකර ගැනීමට කටයුතු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අරගලයේ වෙනස අපි පටන් ගන්න සුදානම්-නාමල්

අරගල සමයේ සටන් පාඨය බවට පත්වූ ක්‍රම වෙනසක් ඇති කිරීම සිය පක්ෂය තුළින්ම ආරම්භ කිරීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු...