28 C
Colombo
Sunday, May 5, 2024

ගෑස් හිගය: ආපනශාලාවලින් 60%ක් මේ වනවිට වැසී ගිහින්

- Advertisement -

පවතින ගෑස් හිගයත් සමඟ දිවයින පුරා ප්‍රධාන නගරවල ආපනශාලාවලින් 60%ක් මේ වනවිට වැසී ගොස් ඇති බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා.

කොළඹ නගරය හා ඒ අවට තදාසන්න ප්‍රදේශවල ආපනශාලා 1500ක් පමණ වැසී ගොස් ඇති බවයි එහි සභාපති අසේල සම්පත් සදහන් කළේ.

එමෙන්ම, අද දිනය වනවිට රජයේ රෝහල්වල ආපනශාලා ද ගෑස් අවසන් වීම හේතුවෙන් වැසී යාමේ අවදානමක් මතුව තිබෙනවා.

තවද, ගෑස් හිඟය හේතුවෙන් මේ වනවිට බේකරි 1,000කට අධික සංඛ්‍යාවක් වසා දැමීමට සිදුව ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කර සිටිනවා.

මේ අතර, පාසල් ආපනශාලා යළි විවෘත කිරීමට අවසර දී තිබෙනවා. ඒ, සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලවයි.

ඒ අනුව එක් එක් පන්ති සඳහා වේලාවන් වෙන් කර විවේකය ලබාදීම, පන්තියකින් එක් සිසුවෙකු මුළු පන්තියටම අවශ්‍ය ආහාරපාන ඇනවුම් ලබාදීම, නියමිත වේලාවට ආහාර සුදානම් කර සෞඛ්‍ය ආරක්ෂිතව පන්තිවලට සැපයීම ක්‍රියා කිරීම , දුරස්ථභාවය තබා ගැනීමට අඛණ්ඩව ක්‍රියා කිරීම යන නිර්දේශ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් දැනුම් දී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...