29 C
Colombo
Saturday, May 4, 2024

ගෝඨගේ මාසික වියදම දහතුන් ලක්ශයක්

- Advertisement -

ගෝඨාභය රාජපක්ෂ මහතාට විශ්‍රාමික ජනාධිපතිවරයකු ලෙස රුපියල් දහතුන් ලක්ෂ විසි නව දහස් තුන්සිය අසූ හතක මුදලක් රජයෙන් මාසිකව වැය කරන බව ජනාධිපති ලේකම් කාර්යාලය පවසනවා.

ජනාධිපති කාර්යාලය මේ තොරතුරු සඳහන් කර ඇත්තේ ශ්‍රීලංකා පුවත්පත් ආයතනය තොරතුරු දැනගැනීමේ පනත යටතේ කළ විමසුමකදීයි.

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට රජයෙන් වැය කරන වියදම් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඇතුළු මාධ්‍ය වල විවිධ තොරතුරු පසුගිය කාලයේ පළවී තිබුණා.

ඒ අනුව ජනාධිපති කාර්යාලයේ තොරතුරු නිලධාරී ජනාධිපති ජේෂ්ඨ සහකාර ලේකම් එස්.කේ හේනාධීර මහතා විසින් අදාල ලිපිය යොමු කර තිබෙනවා.

මෙහිදී ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දෙසැම්බර් මසට අදාළ වියදම්  ලෙස විශ්‍රාම වැටුප,ඉන්ධන දීමනාව සහ ලේකම් දීමනාව සඳහා රුපියල් 9,91,000ක් ද දුරකථන ,විදුලිය ,ජලය සහ අනෙකුත් වියදම් සඳහා රුපියල් 3,38,387.60ක් බවයි සඳහන් වන්නේ.

ගෝඨාභය රාජපක්ෂ මහතා මේවන විට පරිහරණය කරන වාහනවල තොරතුරු ද  ඉල්ලා තිබූ නමුත් එම තොරතුරු අදාළ අංශයන් ඉල්ලා තිබෙන අතර ඒවා ලැබුණු පසු ලබා දෙන බව ජනාධිපති ලේකම් කාර්යාලය පවසනවා.

විශ්‍රාමික ජනපතිවරුන්ගේ අනෙකුත් වියදම් ඇතුළත් වන වියදම් වාර්තා වේ. මෙම වියදම් එකම වැය විෂයක් යටතේ සටහන් වන  බැවින් විශ්‍රාම වැටුප,ඉන්ධන දීමනාව,දුරකතන,විදුලිය ,ජලය හා වෙනත් දීමනා වෙන් වෙන් ලෙස දිය නොහැකි බවයි එම ලිපියේ සඳහන් වන්නේ

RECENT ARTICLES - SINHALA

කැකිරාවේ කිරි සමාගමකට සීල් තියලා

මිනිස් පරිභෝජනයට නුසුදුසු අයුරින් නිෂ්පාදන කටයුතු පවත්වාගෙන ගිය මරදන්කඩවල කිරි ආශ්‍රිත නිෂ්පාදන ආයතනයක නිෂ්පාදන කටයුතු තාවකාලිකව අත්හිටුවා එම කර්මාන්ත ශාලාවට මුද්‍රා තැබීමට කැකිරාව සෞඛ්‍ය...

බන්ධනාගාර තුනකට ජංගම අධිකරණ

මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලයේ මුල්‍යමය දායකත්වය මත ඉදිරිකරන ලද ජංගම අධිකරණ පද්ධතිය ඊයේ (03)...

අවාරයේ සිරිපා කරුණා කරන්න යන අයට දැනුම් දීමක්

අවාරයේ ශ්‍රී පාදය කරුණා කිරීමට විදේශිකයන්ට පමණක් අවසර දීමටත් දේශිය සංචාරකයන් හෝ වෙනත් පුද්ගලයන් කිසිවකුටත් අවාරයේ කිසිදු මාර්ගයක් ඔස්සේ ශ්‍රි පාදස්ථානය කරුණා කිරිමට අවසර...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...