ජාත්‍යන්තර T20 පිටියේ වැඩිම ලකුණුලාභියා බවට පත්වීමට නවසීලන්ත ආරම්භක පිතිකරු මාටින් ගප්ටිල් සමත්ව තිබෙනවා.
ඒ මේ දක්වා එම ස්ථානයේ රැඳී සිටි ඉන්දීය ක්‍රීඩක විරාත් කෝලි පසු කර යමින්.
ඉන්දීය කණ්ඩායම සමඟ පැවති දෙවන පන්දුවාර විස්සයි විස්ස තරඟයේ දී ලකුණු 31ක් රැස්කළ ගප්ටෙල් මෙම කඩයිම පසු කිරීමට සමත් වුණා.
ඒ අනුව මේ වන විට විස්සයි විස්ස තරඟ 111 කට සහභාගී වී ඇති ගප්ටෙල් රැස් කරගෙන ඇති මුළු ලකුණු සංඛ්‍යාව 3248 ක්.
එම ලැයිස්තුවේ දෙවන ස්ථානයේ ඉන්දීය ක්‍රීඩක විරාත් කෝලි රැදී සිටින්නේ තරඟ 95 කදී ලකුණු 3227ක් ලබා ගනිමින්.
විස්සයි විස්ස වැඩිම ලකුණුලාභීන් අතර තෙවන ස්ථානයට පත්ව ඇත්තේ ඉන්දීය ක්‍රීඩක රෝහිත් ශර්මා යි.
කෙසේ වෙතත් පසුගියදා අවසන් වූ විස්සයි විස්ස ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයෙන්ම ඉන්දීය කණ්ඩායම ඉවත්වීමත් සමග එතෙක් ඉන්දීය T20 නායකයා වූ විරාත් කෝලි නායකත්වයෙන් ඉල්ලා අස්වූ අතර ඉන්දියාව සහ නවසීලන්තය අතර මේ දිනවල පැවැත්වෙන විස්සයි විස්ස තරඟාවලියෙන් විරාත් කෝලි විවේක ගැන්වීමටද ඉන්දීය බලධාරින් කටයුතු කළා.