30.2 C
Colombo
Friday, April 26, 2024

රන්ජන්ට වූ අසාධාරණය ගැන කියන්න හරීන් – මනූෂ ජිනීවා යයි

- Advertisement -

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවකට වැරදිකරු වී සිවු වසරක සිරදඬුවමක් ගෙවමින් සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ කරුණු දැක්වීම සඳහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරින් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර ඊයේ (28) ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර වෙත පිටත්ව ගොස් තිබෙනවා.

එහිදී රන්ජන් රාමනායක මහතා අධිකරණයට අපහාස කළේ යැයි වන සිදුවීම හා ඒ සම්බන්ධයෙන් වූ නීතිමය ක්‍රියාමාර්ග මෙන්ම ඔහුට නිදහස ඉල්ලා සිදුකරන ලද ඉල්ලීම් සම්බන්ධයෙන්ද මානව හිමිකම් කවුන්සලය දැනුවත් කරනු ඇති.

2021 ජනවාරි 11 වන දා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 (3) වගන්තිය ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් රාමනායකට එම සිරදඬුවම පනවනු ලැබූවා.

මීට අදාළ සිදුවීම වන්නේ එවකට අගමැති රනිල් වික්‍රමසිංහ සමග අරලියගහ මන්දිරයේදී සාකච්ඡාවක් පැවැත්වීමෙන් අනතුරුව 2017 අගෝස්තු 21 වන දා රාමනායක මාධ්‍ය ඉදිරියේ කියා සිටියේ, “ලංකාවේ බහුතරයක් ඉන්නේ ‘කරප්ටඩ්’(දූෂිත) විනිසුරුවරු, කරප්ටඩ් ලෝයර්ස්ලා, සියයට 95ක් විතර වගේ ඔවුන් සල්ලිවලට වැඩ කරන්නේ. ඔවුන් හැමදාම මිනීමරුවන්ව, දූෂිතයන්ව, කුඩුකාරයන්ව ආරක්ෂා කළා සල්ලිවලට.” යන ප්‍රකාශයයි.

රන්ජන් රාමනායක මහතාගේ මෙම ප්‍රකාශය අධිකරණයට අපහාස කිරීමක් යැයි සදහන් කරමින් රණවක සුනිල් පෙරේරා නමැති පුද්ගලයා 2017 අගෝස්තු 21 ශ්‍රේෂ්ඨාධිකරණ හමුවේ නඩුවක් ගොනු කළා.

RECENT ARTICLES - SINHALA

ආයුර්වේද ඖෂධ නිෂ්පාදන නියාමනයට අලුත් සභාවක්

ශ්‍රී ලාංකීය ජනතාවගේ මෙන්ම සමස්ථ ලෝවාසී ජනතාවගේ නීරෝගී සුවය උදෙසා ගුණාත්මක තත්ත්වයෙන් උසස් ආයුර්වේද ඖෂධ නිෂ්පාදන ක්‍රියාවලියක් වෙනුවෙන් ආයුර්වේද ඖෂධ නිෂ්පාදන නියාමන සභාව පත්කිරීම...

කොකුවිල් දුම්රිය ස්ථානයට සීල් තියලා

යාපනය කොකුවිල් දුම්රිය ස්ථානයේ ප්‍රවේශපත්‍ර අලෙවි කිරීමෙන් ලද ආදායමෙන් රුපියල් ලක්ෂ විසි හතරක මුදලක් වංචා වීමත් සමගම දුම්රිය විමර්ශන නිලධාරීන් විසින් කොකුවිල් දුම්රිය ස්ථානයට...

සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ගැන දැනුම්දීමක්

සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසනව. ඔහු අද (26) පාර්ලිමේන්තුවේදී සඳහන්...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...