ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඇමැති මණ්ඩලයේ අමාත්‍යධුර 07ක වෙනස්කම් සිදු කරනු ලැබුවා.
ඒ අනුව අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ මහාචාර්ය ජී එල් පීරිස් මහතා විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙසද, විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කළ දිනේෂ් ගුණවර්ධන මහතා අධ්‍යාපන අමාත්‍යවරයා ලෙසද දිවුරුම් දෙනු ලැබුවා.
සෞඛ්‍ය අමාත්‍යවරිය ලෙස කටයුතු කළ පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට හිමිවූයේ ප්‍රවාහන අමාත්‍ය ධූරයයි.
ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කෙහෙළිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබේ.
විදුලිබල අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ඩලස් අලහප්පෙරුම මහතා ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුනි.
ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ගාමිණී ලොකුගේ මහතා දිවුරුම් දී ඇත්තේ විදුලිබල අමාත්‍යවරයා ලෙසය.
මීට මතරව නාමල් රාජපක්ෂ මහතාට පෙර තිබූ අමාත්‍යංශ වලට අමතරව සංවර්ධන සම්බන්ධීකරණ අධීක්ෂණ නැමති අමාත්‍යංශයක් එක්ව තිබෙනවා.