29 C
Colombo
Wednesday, May 22, 2024

මෛත්‍රී පාර්ශවයේ ජනපති අපේක්ෂකයා මෙන්න

- Advertisement -

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස විජයදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් වනු ඇති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

වෘත්තීය වෘත්තීය සමිති නායක T.B ඉලංගරත්න මහතාගේ ගුණසමරු උත්සවයට එක්වෙමින් මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව සඳහන් කළා.

තමා මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බවත් පක්ෂයේ වැඩිදෙනෙකුගේ කැමත්ත විජයදාස රාජපක්ෂ මහතා වෙත ලැබී තිබෙන බවත් මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහිදී පවසා තිබෙනවා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා,

“විජයදාස රාජපක්ෂ මැතිතුමාට තමයි පක්ෂයේ වැඩිදෙනෙකුගේ කැමැත්ත තියෙන්නේ. මම එකගමනක් කළා. මම එක සැරයක් කරන්නේ කියලා කිව්වා. ඒ සැරේ දිවුරුම් දෙන වෙලාවේම මම කිව්වා මම ආයෙමත් තරගකරන්නේ නෑ කියලා. විජයදාස මහත්මයා තමයි ඉල්ලන්නේ, අපි සම්පූර්ණ සහාය දෙනවා. ආණ්ඩුවේ ඇමතිවරයෙක් අපි ගත්තා. දැන් එයා අපේ. ඇමතිකම ගැන දැන් කිසිම කැමැත්තක් නෑ.”

RECENT ARTICLES - SINHALA

එක්ස්ප්‍රස් පර්ල් නඩුව ගැන නියෝගයක්

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධියට අදාළව කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර තිබෙන නඩුව ලබන 31 වනදා විභාගයට නොගන්නා ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝගයක් නිකුත් කර...

දුම්රියක් පීලි පනී

පොතුහැර සහ පොල්ගහවෙල දුම්රිය ස්ථාන අතරදී දුම්රියක් පීලි පැනීමකට ලක්ව තිබෙනවා. මෙලෙස පීලි පැන ඇත්තේ කුරුණෑගල සිට කොළඹ බලා ධාවනය වෙමින් පැවති කාර්යාල දුම්රියයි. මේ හේතුවෙන්...

ඩයනට එරෙහිව තවත් නඩුවක්

අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මියට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. වැලිගම නගර සභාවේ හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම...

POPULAR ARTICLES

ඩයනා අතුරුදන්

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර, විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධ නඩුවේ සැකකාරියක් වශයෙන් හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ නම් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන්...

ඩොලරයේ වෙනසක්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (20) නිකුත් කරන ලද මුදල් විනිමය අනුපාත වාර්තාවට අනුව පසුගිය සතියට සාපේක්ෂව අද දින ඩොලරයේ ගැනුම් සහ විකුණුම්...

ඉන්දියාවෙන් ලංකාවට එන අලුත්ම පෙට්‍රල් වර්ගය

Indian Oil සමාගම ඉතිහාසයේ පළමු වරට ඔක්ටේන් 100 සුපිරි වර්ගයේ පෙට්‍රල් තොගයක් ශ්‍රී ලංකාවට අපනයනය කර ඇති බවට වාර්තා වනවා. පසුගිය මැයි 18 වනදා මුම්බායේ...