30.3 C
Colombo
Friday, April 26, 2024

හිජාස්ගේ නඩුව මාධ්‍යවේදීන්ට තහනම් කරයි

- Advertisement -

අත්අඩංගුවට ගෙන, රඳවා තබාගෙන සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලාට එරෙහි නඩුව පසුගිය 15දා පුත්තලම මහාධිකරණයේදී පැවැති අවස්ථාවේදී මාධ්‍යවේදීන්ට එම නඩුව ආවරණය කිරීමට අවස්ථාව ලබා දී නැත.

නිරෝධායන නීති නිසා වැඩි පිරිසක් අධිකරණ ශාලාව තුළට ගත නොහැකි බව පවසමින් මෙසේ මාධ්‍යවේදීන් ඊට ඇතුළුවීම පොලිසිය විසින් වළකා තිබේ.

ඒ මහාධිකරණ විනිසුරුවරියගේ උපදෙස් මත බව පවසමිනි.

නිරෝධායන නීති ක්‍රියාත්මකවුවද, මාධ්‍යවේදීන්ට අධිකරණ ශාලාව තහනම් කිරීමට කිසිදු හැකියාවක් නැති බවත්, එමගින් සිදුවන්නේ ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය උල්ලංඝනයවීම බවත් මේ පිළිබඳව අදහස් දක්වන ජ්‍යෙෂ්ඨ නීතිවේදීහු පවසති.

හිජාස් හිස්බුල්ලාට අධිචෝදනා බාර දීම අද (15) දිනයේ සිදු වී ඇති අතර, එම චෝදනා සඳහා මුල් වූ පාසල් ළමුන්ගේ සාක්ෂි සහිත වාර්තා මෙතෙක් පුත්තලම මහාධිකරණය වෙත යොමු කර නැති බව ද පසුගිය 15දා හෙළ වී තිබේ.

එම වාර්තා කඩිනමින් ලැබීමට සලස්වන ලෙස කොළඹ, තොටුව මහේස්ත්‍රාත්වරයා වෙත මහාධිකරණ විනිසුරුවරිය විසින් නියෝග කර ඇති අතර, නඩුව ලබන 05දා යළිත් කැඳවීමට නියමිතයි.

RECENT ARTICLES - SINHALA

දුම්රියට ගොඩ වෙන්න හැදූ දෙදෙනෙක් අනතුරක

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී දුම්රියකට ඇතුළු වීමට උත්සාහ කළ  පුද්ගලයන් දෙදෙනෙකු අනතුරකට ලක්ව තිබෙනවා. කොළඹ කොටුව සිට මහනුවර බලා ධාවනය වීමට නියමිත දුම්රිය වේදිකාවේ නැවැත්වීමට...

ගාසා ළමා අරමුදලට මුදල් පරිත්‍යාග රැසක්

ගාසාහි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කරනු ලැබූ ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund)...

අපරාධවලින් ඉපයූ ධනය යළි අය කරගන්න නීතියක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග විස්තීරණ ණය පහසුකම ලබා ගැනීම සඳහා එළැඹ ඇති ගිවිසුම අනුව 2014 වර්ෂය වන විට වත්කම් අය කර ගැනීම සම්බන්ධයෙන් පරිපූර්ණ...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...