30.1 C
Colombo
Friday, April 26, 2024

හදිසි අවස්ථා ගැන සිතා සාමාන්‍ය සැත්කම් කල් දැමීමට සිදුවෙයි

- Advertisement -

ඉදිරියේදී ඇතිවිය හැකි හදිසි ශල්‍යකර්ම සඳහා වෛද්‍ය උපකරණ සංරක්ෂණය කිරීම වෙනුවෙන් සාමාන්‍ය සැත්කම් කල්දැමීමට සිදුවන තත්ත්වයක් පැමිණ ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

මාධ්‍ය අමතමින් එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ කියා සිටියේ ඉතිරිව ඇති වෛද්‍ය උපකරණ සහ ඖෂධ භාවිතයේදී හදවත් සැත්කම් වැනි ජීවිතාරක්ෂක සැත්කම් සඳහා ප්‍රමුඛත්වය දිය යුතුව ඇති බවයි.

නිර්වින්දන ඖෂධ, ඒ ආශ්‍රිත වෛද්‍ය උපකරණ, ප්‍රතිජීවක හිඟය සහ සංකීර්ණ අවස්ථාවන්ට ප්‍රතිකාර කිරීම සඳහා භාවිත කරන ඖෂධ හිඟය සාමාන්‍ය වෛද්‍ය සැත්කම් කල් දැමීමට හේතු වී ඇති බව වෛද්‍යවරයා පෙන්වා දෙනවා.

රෝහල් විසින් මෙම සාමාන්‍ය සැත්කම් සඳහා මාස හයකට පෙර දින ලබා දී ඇති අතර, එම දිනයේ දී සැත්කම සිදු කරනු ඇතැයි රෝගියා විශ්වාස කරනවා. කෙසේ වෙතත් දැනට පවතින ඖෂධ හා උපකරණ හිඟයත් සමඟ ශල්‍යකර්ම සිදු නොකර රෝගීන් හරවා යැවීමට රෝහල්වලට සිදුව ඇති බව කනගාටුවෙන් වුවද පැවසිය යුතු බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ.

ඉන්දියානු ණය වලින් වැඩි බරක් තබා ගනිමින් අප ගමන් කර ඇති බව පෙනේ, එය අවසන් වන දිනය සහ වැඩසටහන පිටුපස ඇති පරිපාලන තොරතුරු අපි නොදනිමු.” පිළිකා නිවාරණ ඖෂධ ​​ආනයනය කිරීමට අයවැයෙන් 40%ක් වෙන්කර තිබෙනවා. එම ආනයනයන් ප්‍රමුඛතාවය හඳුනාගෙන සිදු කළා දැයි අපි නොදනිමු,” ඔහු පැවසීය.

RECENT ARTICLES - SINHALA

ආයුර්වේද ඖෂධ නිෂ්පාදන නියාමනයට අලුත් සභාවක්

ශ්‍රී ලාංකීය ජනතාවගේ මෙන්ම සමස්ථ ලෝවාසී ජනතාවගේ නීරෝගී සුවය උදෙසා ගුණාත්මක තත්ත්වයෙන් උසස් ආයුර්වේද ඖෂධ නිෂ්පාදන ක්‍රියාවලියක් වෙනුවෙන් ආයුර්වේද ඖෂධ නිෂ්පාදන නියාමන සභාව පත්කිරීම...

කොකුවිල් දුම්රිය ස්ථානයට සීල් තියලා

යාපනය කොකුවිල් දුම්රිය ස්ථානයේ ප්‍රවේශපත්‍ර අලෙවි කිරීමෙන් ලද ආදායමෙන් රුපියල් ලක්ෂ විසි හතරක මුදලක් වංචා වීමත් සමගම දුම්රිය විමර්ශන නිලධාරීන් විසින් කොකුවිල් දුම්රිය ස්ථානයට...

සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ගැන දැනුම්දීමක්

සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසනව. ඔහු අද (26) පාර්ලිමේන්තුවේදී සඳහන්...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...