32 C
Colombo
Sunday, June 4, 2023

බැසිල් කොහොමද ආර්ථිකය ගොඩ ගන්නේ? ආර්ථිකය වැටුණේ එයාලා නිසා!

- Advertisement -

බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණියද වැටී තිබෙන ආර්ථිකය මෙම රජයට ගොඩගත නොහැකි බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද (27) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදීයි.

රටේ ආර්ථිකය මේ වන විට හරියට එක්ස්ප්‍රස් පර්ල් නෞකාව වැනි බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.

”ආර්ථික හසුරුවන කාර්ය සාධක බලකා ගණනාවක මූලිකයා වෙලා හිටියේ බැසිල් රාජපක්ෂ මහත්තයානේ. මම පොඩි උදාහරණයක් කියන්නම්. ළඟදී අර නැවක් ගිනිගත්තනේ එක්ස්ප්‍රස් පර්ල් කියල. මුලදී ගින්න නිවන්න හැදුවා හරි ගියේ නැහැ. ඊළඟට නැව අදින්න කියල කට්ටියක් ආවා. අන්තිමට ඇදන් යනකොට දෙකට කැඩිලා ගිලා බහිනවා. බැසිල් මහත්තයා ආවත් ඔච්චර තමයි.

ආර්ථික දැන් අර එක්ස්ප්‍රස් පර්ල් නැව වගේ. ගිනිගන්නවා. ගිලා බහිමින් ඉන්නේ. බැසිල් මහත්තයා අදින්න ගිහාම වෙන්නේ තවත් කඩා වැටෙන එක. බැසිල් මහත්තයට තියා ඔය රාජපක්ෂ පවුලේ කිසිකෙනෙකුට මේ රටේ අද වැටිලා තියෙන ආර්ථිකය ගොඩගන්න බැහැ. මොකද මේකට වගකිවයුත්තෝ එතුමන්ලා. බැසිල් මහත්තයට බැරි නම් ඇමරිකන් පුරවැසිකම අත්හැරලා රටේ පුරවැසිකම ගන්නවත් එහෙම ආදරයක් රටට නැත්නම් තව මොනවා කතා කරන්නද?”

කෙසේවෙතත් ඔවුන්ගේ නව ආණ්ඩුවක් බලයට පැමිණි පසු 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ප්‍රතිපාදන නැවත ගෙන එන බවයි මන්ත්‍රීවරයා අවධාරණය කළේ.

RECENT ARTICLES - SINHALA

මැතිවරණ කොමිසමෙන් විරෝධයක්

පළාත් පාලන ආයතන අධීක්ෂණය වෙනුවෙන් ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපතිවරයාගේ නියෝජිතයෙකු පත් කිරීමේ තීරණයට විරෝධය පළ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඇගළුම් කම්හලක සේවකයෙක් හදිසි අනතුරකින් මරුට

කළුතර උතුර සමඟිපුර ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක මුද්‍රණ යන්ත්‍රයකට හසුවීමෙන් එම කර්මාන්ත ශාලාවේ සේවකයෙකු ඊයේ (03) මියගොස් තිබෙනවා. මෙලෙස...

මුදල් විශුද්ධිකරණයට එරෙහිව ජනපතිගෙන් විශේෂ තීන්දුවක්

මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම පිළිබඳව ශ්‍රී ලංකාවේ මීළඟ ප්‍රවේශය නුදුරේදීම ක්‍රියාවට නංවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

RECENT ARTICLES - ENGLISH

Breaking: Litro gas prices reduced

0
Prices of Litro domestic LP gas cylinders will.be reduced with effect from midnight today (4), the Litro Chairman said.

Odisha train accident: Coromandel express train collides with goods train, many feared dead

0
In a major train accident in Odisha, an express train collided with a goods train in which many are now feared dead.

Khalid and Salama to visit SL today

0
Khalid Al Ameri, a renowned Emirati blogger, columnist, and motivational speaker, is making headlines once again with his upcoming trip to Sri...