30.2 C
Colombo
Friday, April 26, 2024

විදුලිබල මණ්ඩලයට එරෙහිව මානව හිමකම් කොමිසම නඩු මඟට

- Advertisement -

ඇති වූ එකඟතාව කඩකරමින් විදුලිය කප්පාදු කිරීම හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා ශා විදුලිබල අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු නිලධාරීන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු වාර්තා කිරීමට මානව හිමිකම් කොමිසම තීරණය කර තිබෙනවා.

ලබාදුන් එකඟතාව කඩ කරමින් ඊයේ (26) දිනයේ දිවයිනේ ප්‍රදේශ ගණනාවක විදුලි කප්පාදු කරමින් ඇති බවට පැමිණිලි ඉදිරිපත් වූ බවයි එම කොමිසමේ ප්‍රකාශකයෙක් කියා සිටියේ.

විදුලිබල මණ්ඩලය සහ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය රටේ නීතියට ගරු කරමින් අත්නෝමතික කටයුතු කරන බවක් නිරීක්ෂණය වී ඇති බව එම කොමිසම පෙන්වා දෙනවා.

ඔවුන් සඳහන් කරන්නේ ඒ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ද පැමිණිලි කිරීමට සිදුවන බවයි.

කෙසේ වෙතත් පසුගියදා උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාවේ විදුලිය කප්පාදුවක් සිදු නොකිරීමට විදුලිබල මණ්ඩලය මානව හිමිකම් කොමිසමේ දී එකඟතාව පළකලා.

මේ අතර ඊයේ (26) සිට ලබන පෙබරවාරි 17 වැනිදා දක්වා අපොස උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලය තුළදී කිසිඳු විදුලිය විසන්ධි කිරීමේ ඉල්ලීමකට මහජන උපයෝගීතා කොමිසම අනුමැතිය නොදෙන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා මානව හිමිකම් කොමිසමට ලිඛිතව දැනුම් දී තිබෙනවා.

ඒ පසුගිය (25) වනදා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව නිකුත් කළ ඇති විධානයට අනුවයි.

පසුගිය (25) දින සිට උසස් පෙළ විභාගය අවසන් වන තෙක් අඛණ්ඩව විදුලිය සැපයිය යුතු යැයි ද විදුලිබල මණ්ඩලයට නියෝගයක් නිකුත් කර ඇති බවද එම ලිපියේ පෙන්වා දී තිබෙනවා.

අදාළ ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ලංකා විදුලිබල මණ්ඩලය එම නියෝගය ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වුවහොත් ලංකා විදුලිබල මණ්ඩල පනත යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

RECENT ARTICLES - SINHALA

ආයුර්වේද ඖෂධ නිෂ්පාදන නියාමනයට අලුත් සභාවක්

ශ්‍රී ලාංකීය ජනතාවගේ මෙන්ම සමස්ථ ලෝවාසී ජනතාවගේ නීරෝගී සුවය උදෙසා ගුණාත්මක තත්ත්වයෙන් උසස් ආයුර්වේද ඖෂධ නිෂ්පාදන ක්‍රියාවලියක් වෙනුවෙන් ආයුර්වේද ඖෂධ නිෂ්පාදන නියාමන සභාව පත්කිරීම...

කොකුවිල් දුම්රිය ස්ථානයට සීල් තියලා

යාපනය කොකුවිල් දුම්රිය ස්ථානයේ ප්‍රවේශපත්‍ර අලෙවි කිරීමෙන් ලද ආදායමෙන් රුපියල් ලක්ෂ විසි හතරක මුදලක් වංචා වීමත් සමගම දුම්රිය විමර්ශන නිලධාරීන් විසින් කොකුවිල් දුම්රිය ස්ථානයට...

සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ගැන දැනුම්දීමක්

සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසනව. ඔහු අද (26) පාර්ලිමේන්තුවේදී සඳහන්...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...