27.8 C
Colombo
Friday, April 26, 2024

යුගදනවි ගිවිසුම ලොකු පොතක් නිසා කියෙව්වෙ නෑ – ඇමති ප්‍රසන්න

- Advertisement -

යුගදනවි ගිවිසුම විශාල පොතක් වැනි දෙයක් බැවින් තමා එය නොබැලූ බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.

ඒ, පෙරේදා (15) පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

ප්‍රශ්නය – LNG බලාගාරය ගැන ලොකු ප්‍රශ්නයක් මතුවෙලා තිබෙනවා. මේ ගැන ඔබතුමාගේ මතය මොකක්ද ?

“මේකෙ තියෙන වාසි අවාසි තත්වය පිළිබඳව සාකච්ඡා වෙනවා. එක එක්කෙනාගෙ එක එක මත තියෙන්න පුළුවන්. නමුත් අවසානයේදී රටේ ජනතාවට මේ කාරණාව ඉදිරිපත් කරලා වඩා නිවැරදි දේ කරයි” 

ප්‍රශ්නය – ඔබතුමා දැක්කාද ඔය LNG බලාගාරයේ විස්තර පත්‍රිකාව ?

“ඒක ඉදිරිපත් කරලා තිබුණා. ඒක ලොකු පොතක් වගේ එකක්. ඒක අධ්‍යනය කරන්න ලොකු කාලයක් යනවා. ඇත්තටම මං ඒක බැලුවෙ නෑ. හැබැයි ඒකෙ කරුණු කාරණා ඒකට ආපු නිලධාරීන් ඉදිරිපත් කළා. ඒ අනුව ඉදිරි කැබිනට් රැස්වීමේදී සාකච්ඡා කරනවායි කියන කාරණාව තමයි කිව්වෙ” 

ප්‍රශ්නය – ආණ්ඩුවෙම ප්‍රබල ඇමතිවරුන් පිරිසක් ඕකට විරෝධය පළ කරනවා නේද ?

“මේ ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක්. ඒ හැමෝටම තමතමන්ගේ මත ඉදිරිපත් කරන්න පුළුවන්. කවුරුත් කලබල වෙන්න ඕනෙ නෑ. වඩා නිවැරදි දේ ඉදිරියේදී සිද්ධ වෙයි. මේ ජනතාවට සහනයක් ලැබෙන දෙයක් නම් මේකෙන් සිද්ධ වෙන්නෙ, ඒක වෙන්න ඕනෙ. කවුරු අකමැති වුණත් ඒක රටේ ජනතාවට පැහැදිලි කරන්න පුළුවන් වෙන්න ඕනෙ, ඒ අදාළ අමාත්‍යාංශ වලින්” 

RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිසේනගේ මැයි රැලිය ගම්පහ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කරන්න ඕන-බන්දුල ගුණවර්ධන

ගොඩ ගැසී ඇති සියලු ම රියදුරු බලපත් එළඹෙන අගෝස්තු මාසය වන විට නිකුත් කර අවසන් කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන...

මත්පැන් හිඟ බදු මුදල් ගැන තීරණයක්

2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ජුනි මස 30 වනදා වනවිට අයකර ගැනීමට කටයුතු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අරගලයේ වෙනස අපි පටන් ගන්න සුදානම්-නාමල්

අරගල සමයේ සටන් පාඨය බවට පත්වූ ක්‍රම වෙනසක් ඇති කිරීම සිය පක්ෂය තුළින්ම ආරම්භ කිරීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු...