25 C
Colombo
Wednesday, June 19, 2024
spot_img

ප්‍රචණ්ඩ උනොත් අපි බලය පාවිච්චි කරනවා..! – යුද හමුදාව

- Advertisement -

ආරක්‍ෂක හමුදාවට හෝ මහජන දේපළවලට හානි කිරීම උදෙසා ප්‍රචණ්ඩත්වය වැඩි කරමින් කටයුතු කරන සියලු දෙනා වහාම එම ප්‍රචණ්ඩ ක්‍රියාවලින් වැළකී සිටිය යුතු බව ශ්‍රී ලංකා යුද හමුදාව අවධාරණය කරනවා.

නොඑසේ නම් පවතින තත්ත්වයන්ට අනුකූලව ආරක්‍ෂක හමුදාව සතු සියලු බලතල පාවිච්චි කිරීමට සිදුවනු ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් යුද හමුදාව අවධාරණය කරන්නේ.

තවද, මහජන දේපල මෙන්ම සියලු මර්මස්ථාන ,මහජන ජීවිත සුරැකීමේ අනුලංගනීය වගකීම පැවරී ඇති ආරක්‍ෂක හමුදාව, එම බලය පාවිච්චි කිරීමට කිසිසේත්ම මැලි නොවන බවත් එවැනි තත්ත්වයකදී උදාවිය හැකි ආදීනවයන් පිළිබඳ වගකීම ,ප්‍රචණ්ඩකාරීන් විසින්ම දරාගත යුතු බවත් අදාළ නිවේදනයෙන් අධාරණය කර තිබෙනවා.

යුද හුමදාව පවසන්නේ, විරෝධතාකරුවන්ගෙන් යම් පිරිසක් ඊයේ (13) ප්‍රචණ්ඩ ක්‍රියාවලට යොමුවෙමින් කතානායකවරයාගේ නිල නිවසත්, පාර්ලිමේන්තු සංකීර්ණයත් ග්‍රහණයට ගැනීමට උත්සහ කළ බවයි.

පිරිස ප්‍රහාරාත්මක ලෙස පාර්ලිමේන්තු සංකීර්ණයට ඇතුළුවීමට උත්සාහ කළ බවත්, ඔවුන් සන්තකයේ තිබූ යකඩ පොලු, මුගුරු, හිස්වැසුම් ආදී දෑ වලින් දමාගසමින් රාජකාරියේ නියුතු යුද්ධ හමුදා සොල්දාදුවන්ට නොනැවති පහරදී ඇති බවත් අදාළ නිවේදනයේ සඳහන්.

හමුදා සොල්දාදුවන් දෙදෙනෙකුට සිහිනැති වන තුරු පහරදෙමින්, භට පිරිස් අත තිබූ ටී – 56 වර්ගයේ ස්වයංක්‍රීය ගිනි අවි දෙකක් එහි පතරොම් ගැබ් සමග උදුරාගෙන ඇති බවයි යුද හමුදාව නිකුත්කළ නිවේදනයේ සඳහන් වන්නේ.

එහිදී බරපතළ තුවාල ලැබූ හමුදා සමාජිකයින් දෙදෙනෙකු සහ අනෙකුත් භට පිරිස් මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව ද අදාල නිවේදනයේ සඳහන්.

යුද හමුදාව පවසන්නේ,ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිද හමුදාධිපතිවරුන් සහ පොලිස්පතිවරයා, රටේ පවතින දේශපාලන අස්ථාවරත්වය සහ ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම කඩිනම් කරන ලෙස වැඩ බලන ජනාධිපති, කථානායක සහ දේශපාලන පක්‍ෂ නායකයින් සම පැවති රැස්වීම්වලදී අවධාරණයෙන් ඉල්ලා සිටි බවයි.

ඒම සාකච්ජාවලදී සාමකාමී අරගලකරුවන් ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ නොවී, මහජන දේපළවලට හානි නොකරන තාක්කල් ,පූර්ණ බලය නොයොදවා අවම බලය යොදාගෙන ඔවුන් පාලනය කළ යුතු බවට එකඟතාව පළ වූ බව ද යුද හමුදාව නිකුත් කළ නිවේදනයේ සඳහන්.


RECENT ARTICLES - SINHALA

කෙහෙළි​ය මාස හතරකින් ගෙවල් කුලී ගෙවලා නැ​හැ

මධ්‍යම පළාත් සභාව සතු නිවසක තාවකාලිකව පදිංචි වී සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගෙන් එම නිවස සඳහා අයවිය යුතු මුදල් මන්ත්‍රී පඩියෙන් කපා ගැනීමට...

තැපැල් ස්ථානාධිපතිට වටකරගෙන ගහ​ලා

පානදුර තැපැල් ස්ථානාධිපතිවරයාට පහරදීමේ සිද්ධියක්  සම්බන්ධයෙන් එම තැපැල් කාර්යාලයේ සේවකයින් පස්දෙනෙකු අද (19) අත්අඩංගුවට ගත් බව පානදුර දකුණ පොලීසිය පවසනවා. තැපැල් ස්ථානාධිපතිවරයා සහ පහරදීමට...

රටේ බෙදීම නිසා තමයි පාස්කු ප්‍රහාරය වුණේ – අනුර

ජාතිවාදය වෙනුවට ජාතික සමගියේ නව දේශපාලනයක් ශ්‍රී ලංකාවේ ස්ථාපිත කරන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහ​තා පවසනවා. 1947 වර්ශයේ නිදහස ලබාගත් ඉන්දියාව,...

POPULAR ARTICLES

වනිඳුගෙන් දැඩි තීරණයක්

ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායමේ නායක වනිඳු හසරංග සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා. ඒ...

ගුරුවරුන්ට අධ්‍යාපන ඇමතිගෙන් පණිවිඩයක්

සියලු‍ පාසල් ඩිජිටල්කරණය කර එකම ජාලයකට ගතහොත් සමස්ත විෂය පාඩම් එක තැනක සිට දරුවන්ට ඉගැන්විය හැකි වනු ඇති බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත...

ශ්‍රී ලංකා කණ්ඩායම ගුවන්තොටුපලේ ගෙවන පර්යන්තයෙන් එළියට ඇවිත්

20යි 20 ලෝක කුසලාන තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (19) උදෑසන මෙරටට පැමිණියා. එහිදී මාධ්‍ය අමතමින් ශ්‍රී ලංකා T20 ක්‍රිකට්...