26 C
Colombo
Tuesday, May 7, 2024

මෝදි දිනුවොත් මස් කන්නත් බැරි වෙයි – ඩී.එම්.කේ

- Advertisement -

ඉදිරි දින කීපය තුළ ආරම්භ වීමට නියමිත ඉන්දීය ලෝක් සභා මැතිවරණය හේතුවෙන් එරට දේශපාලන වේදිකාව උණුසුම් වී තිබෙනවා.

එවැනි පසුබිමක් තුළ තමිල්නාඩුවේ ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් පක්ෂයේ නායකයෙකු සිදු කරන ප්‍රකාශයක් දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යවල ප්‍රචලිතව වී තිබුණා.

වර්තමාන ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි නැවත වරක් බලයට පැමිණියහොත් එරට පුරවැසියන්ගේ ආහර තෝරාගැනීම්වලට දැඩි ලෙස සීමා පනවනු ඇති බවට ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් පක්ෂයේ නායකයෙකු දේශපාලන රැස්වීමකදී පවසන අයුරු එම වීඩියෝවෙහි දැක්වෙනවා.

නැවත වරක් නරේන්ද්‍ර මෝදි බලයට පත්වුණොත් කුකුළු මස්, හරක් මස්, එළු මස් කෑම තහනම් කරනු ඇති බව චෙන්නායි නුවර දේශපාලන රැලියක් අමතමින් ඔහු ප්‍රකාශ කර තිබුණා.

මේ අතර, භාරතීය ජනතා පක්ෂයේ අපේක්ෂිකාවක ලෙස මැතිවරණයට ඉදිරිපත් වන ඉන්දීය නිළියක් වන කන්ගනා රනවුත් තමා ගව මස් ආහරයට ගත් බව ප්‍රතික්ෂේප කරමින් අදහස් දක්වා තිබුණා.

ඇය මින් පෙර ගව මස් ආහරයට ගත් බවට විරුද්ධ පක්ෂය විසින් නැඟූ චෝදනාවකට ප්‍රතිචාර දක්වමින් ඇය මෙලෙස පවසා තිබෙනවා.

මම ගව මස් හෝ වෙනත් කිසිදු රතු මාංශයක් ආහරයට ගන්නේ නැහැ. මා ගැන සම්පූර්ණයෙන්ම පදනම් විරහිත කටකතා පැතිරීම ලැජ්ජා සහගත කාරණාවක්. මම හින්දු භක්තිකයෙක් වීම පිළිබඳව ඉතා ආඩම්බරයෙන් සමරන කෙනෙකු බව ඔවුන් දන්නවා. කිසිම දෙයකට ඔවුන් නොමඟ යවන්න බැහැ” යනුවෙන් කන්ගනා රනවුත් සිය X ගිණුමෙහි සටහනක් තබමින් මේ බව සඳහන් කර තිබුණා.

ඉන්දියාවේ විශාලතම ආගමික කණ්ඩායම වන හින්දු භක්තිකයන් විසින් ගවයින් පූජනීය ලෙස සලකන බැවින් ගව මස් පරිභෝජනය පිළිබඳ ප්‍රශ්නය ඉන්දියාවේ ඉතා සංවේදී ගැටලුවක්.

එමෙන්ම භාරතීය ජනතා පක්ෂයේ ඇතැම් දේශපාලනඥයන් ගව ඝාතනය තහනම් කිරීම සඳහා නීති සම්පාදනය කිරීම සම්බන්ධයෙන්ද අවධානය යොමු කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

RECENT ARTICLES - SINHALA

කුලියාපිටියේ තරුණයා අතුරුදන් වීමේ සිදුවීමේ ප්‍රධාන සැකකරුට ඇප

කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු අද (06) සිය නීතිඥයින් මාර්ගයෙන් අධිකරණය වෙත භාරවී තිබෙනවා. එහිදී කුලියාපිටිය මහෙස්ත්‍රාත් රන්දික ලක්මාල් මහතා...

චන්ග්ගෙන් T-20 කුසලානයට යන අපේ කණ්ඩායමට සුභ පැතුම්

එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල පැවැත් වීමට නියමිත විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය සඳහා ක්‍රීඩා කිරීමට නියමිත ශ්‍රී ලංකා මූලික ක්‍රිකට් සංචිතය...

සජිත්ගෙන් ටිරාන්ට ප්‍රශ්න හතක්

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා වී එෆ් එස් ග්ලෝබල් ආයතනය සම්බන්ධයෙන් අද (06) පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පළ කළ අදහස්වලට ප්‍රතිචාර දක්වමින් විපක්ෂ නායක...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....