30 C
Colombo
Wednesday, May 22, 2024

වගා නොකළොත් ඉඩම් පවරා ගන්නවා..! – ඇමති කියයි

- Advertisement -

දිවයින පුරා වගා නොකර අත්හැර දමා ඇති සියලුම කුඹුරු ඉඩම් ආහාර බෝග වගා කිරීම සඳහා වසර පහකට පවරා ගැනීමේ වැඩ පිළිවෙළක් අරඹන බව කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

දැනට වගා නොකර අත්හැර ඇති කුඹුරු ඉඩම් ගොවිජන සේවා දෙපාර්තමේන්තුව මගින් හඳුනාගෙන ඒවා ඉඩම් නොමැති පුද්ගලයින්ට වසර පහකට වගා කිරීම සඳහා පවරා දෙන බව කී අමාත්‍යවරයා එහිදී වගා කිරීමට ඉඩම් නොමැති හා ඒ සඳහා කැමැත්තක් දක්වන තරුණ ප්‍රජාවට ප්‍රමුඛත්වය දෙන බවත් පවසා සිටියා.

බොහෝ පුරන් කුඹුරුවල අයිතිය තිබෙන පුද්ගලයින් විදේශ ගතව සිටින අතර තවත් සමහරුන් ශ්‍රම හිඟය නිසා එම කුඹුරු අස්වද්දන්නේ නොමැති බවත් දැනට ගණන් බලා ඇති පරිදි දිවයින පුරා පුරන් කුඹුරු හෙක්ටෙයාර් ලක්ෂයකට වැඩිය තිබෙන බවත් අමාත්‍යවරයා පවසා සිටියා.

මේ අතර, වී කිලෝවක් රුපියල් 300කට අධික මිලකට රටපුරා අලෙවි වන බව වාර්තා වනවා.

ඉදිරියේදී ආහාර හිඟයක් ඇති වේ යැයි බියෙන් ජනතාව වී තොග රැස්කිරීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇති බවත් අනුරාධපුර, පොළොන්නරුව, අම්පාර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්ක වල ගොවීහු තමන් සතුව ඇති වී තොග අලෙවි නොකරන බවත් වාර්තා වනවා.

එම දිස්ත්‍රික්ක වලට පිට පළාත් වලින් ජනතාව පැමිණ පෞද්ගලිකව වී මිලදී ගැනීම සිදුකරන බවයි ගොවියන් පවසන්නේ.


RECENT ARTICLES - SINHALA

අලි මරණ නවත්වන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්  

දිවයින පුරා සිදුවන අලි ඇතුන්ගේ මරණ වැළැක්වීම සඳහා නිසි වැඩපිළිවෙලක් සකස් කරන ලෙස වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාට හා පොලිස්පතිවරයාට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය...

ධීවර ප්‍රජාවන්ට විශේෂ දැනුම්දීමක්

අද දින සිට ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම්දෙනතුරු බහුදින ධීවර යාත්‍රා ඇතුළුව සියලුම ධීවර යාත්‍රා සඳහා රැකියාවට පිටත්වීම සඳහා අවසර ලබා නොදෙන බව ධීවර...

මියගිය පුද්ගලයකුගේ දේහය භාරගන්න බිරින්දෑවරු 4ක්

රිය අනතුරකින් මිය ගිය පුද්ගලයකුගේ මෘත දේහය භාර ගැනීමට භාර්යාවන් සිව් දෙනකු ඉදිරිපත් වී තිබෙනවා. කුලියාපිටිය වෛද්‍ය පීඨය අසල යතුරු පැදි දෙකක් එකිනෙක ගැටී සිදුව...

POPULAR ARTICLES

ඩොලරයේ වෙනසක්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (20) නිකුත් කරන ලද මුදල් විනිමය අනුපාත වාර්තාවට අනුව පසුගිය සතියට සාපේක්ෂව අද දින ඩොලරයේ ගැනුම් සහ විකුණුම්...

ඩයනා අතුරුදන්

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර, විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධ නඩුවේ සැකකාරියක් වශයෙන් හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ නම් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන්...

පාසල් නිවාඩුව ගැන විශේෂ නිවේදනයක්

දිවයිනේ සියලුම පාසල්වලට හෙට (22) දින නිවාඩු දෙන බව සමාජ මාධ්‍ය ජාල හරහා ප්‍රචාරය වන නිවේදනය අසත්‍ය බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙනවා. අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය...