32 C
Colombo
Saturday, March 22, 2025

මම මෝඩ නෑ ; සියලු චෝදනා ප්‍රතික්ෂේප කරනවා..! – ලොහාන්

- Advertisement -

තමා සිරකරුවන්ට හිංසා කිරීමට තරම් අනුවණ නොමැති බව රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ පවසනවා.

Daily mirror පුවත්පත සමඟ අදහස් දක්වමින් ඔහු පවසන්නේ තමා බන්ධනාගාර වෙත ගිය බව පිළිගන්නා නමුත් තමාට එරෙහිව නැගෙන චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි.

විෂයභාර අමාත්‍යවරයා ලෙස තමන්ගේ යටතේ බන්ධනාගාර 29ක් සහ පුනරුත්ථාපන මධ්යස්ථාන 2ක් තිබූ බවත් ඒ ඕනෑම ස්ථානයකට ඕනෑම මොහොතක ඇතුළු වීමට තමාට බලය තිබූ බවත් ඔහු පෙන්වා දෙනවා.

තමා කිසිවෙකුට නොදන්වා බන්ධනාගාර වෙත යන්නේ එහි සිදුවන දෑ පිළිබඳව නිරීක්ෂණයට බවත් එසේ තමා බන්ධනාගර තුල සිදුවන නොකටයුතුකම් රාශියක් නවත්වා ඇති බවත් ඔහු පවසනවා.

තමා බන්ධනාගාර භාරගන්නා විට පැවතියේ බන්ධනාගාර ගිණිගන්නා තත්වයක් බවත් එම තත්වය නතර කළ තමා අනුවණ ආකාරයකින් කටයුතු නොකරන බවත් රාජ්‍ය අමාත්‍යවරයා පවසනවා.

එමෙන්ම, තමා බන්ධනාගාර වෙත ගියේ තනිව බවත් වෙනත් කාන්තාවක් හෝ මිතුරන් නොසිටි බවත් තමන් බීමත්ව ද්‍රවිඩ සිරකරුවන්ට පීඩා නොකළ බවත් ඔහු අවධාරණය කර සිටිනවා.

ඉදිරි තීරණය ඇත්තේ ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සතුව බවත් එතෙක් තමන් මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ධූරයේ කටයුතු කරන බවත් ලොහාන් රත්වත්තේ පවසනවා.

RECENT ARTICLES - SINHALA

කොළඹ – නුවර මාර්ගයේ බස් රථ දෙකක් ගැටී 35කට තුවාල

කොළඹ නුවර මාර්ගයේ වරකාපොල දුම්මලදෙණිය ප්‍රදේශයේදී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් පුද්ගලයින් 30කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා. මීට සුළු මොහොතකට...

මැතිවරණ කොමිසම සහ දේශපාලන පක්ෂ නියෝජිතයින් අතර හමුවක්

මැතිවරණ කොමිසම සහ දේශපාලන පක්ෂ මහලේකම්වරු අතර හමුවක් අද (22) පෙරවරුවේ මැතිවරණ මහලේකම් කාර්යාලයේදී පවත්වා තිබෙනවා. එහිදී ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධව කරුණු කිහිපයක්...

කියපු තරම් අඩු නොවන වාහන මිල

වාහන ආනයනයේදී දැනට පවතින බදු මිල ලෝකයේ අන් කිසිඳු රටකට වඩා ඉතා ඉහළ බවත් ඒ අනුව වාහන මිල අධික ලෙස ඉහළ යන බවත...

POPULAR ARTICLES

කොළඹ – නුවර මාර්ගයේ බස් රථ දෙකක් ගැටී 35කට තුවාල

කොළඹ නුවර මාර්ගයේ වරකාපොල දුම්මලදෙණිය ප්‍රදේශයේදී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් පුද්ගලයින් 30කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා. මීට සුළු මොහොතකට...

පාතාල නායකයින්ගේ නම් කියලා ලක්ෂ ගණන් මුදල් ගරලා

මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් බියගන්වා කප්පම් ඉල්ලන කල්ලියක් සම්බන්ධයෙන් පොලීසියට ලද පැමිණිලි 25ක් සම්බන්ධයෙන් කළ විමර්ශනයේ ප්‍රතිඵලයක් ලෙස මාතර, දෙයියන්දර ප්‍රදේශයේදී සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට...