32 C
Colombo
Sunday, June 4, 2023

ඇස්ට්‍රොසෙනිකා තෙවැනි මාත්‍රාවෙන් ප්‍රතිශක්තිකරණය ඉහළට – නවතම අධ්‍යයනයකින් හෙළිවෙයි

- Advertisement -

ඇස්ට්‍රොසෙනිකා කොවිඩ් 19 එන්නතේ තුන්වන මාත්‍රාව ලබා ගැනීමෙන් ප්‍රතිශක්තිකරණය වඩාත් ඉහළ යන බව නවතම අධ්‍යයනයකින් හෙළිව තිබේ.

කෙසේවෙතත් තෙවැනි මාත්‍රාව ලබාගැනීම අනිවාර්ය බව මෙතෙක් තහවුරු වී නොමැත.

මෙම අනාවරණය සිදුවන්නේ කොවිඩ්19 එන්නතක පළමු මාත්‍රාව හෝ ලබා නොදුන් රටවල් ගණනාවක් ඇති පසුබිමකයි.

ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය සිදුකල මෙම අධ්‍යයනය මගින් වැඩිදුරටත් අනාවරණය කරගෙන ඇත්තේ ඇස්ට්‍රොසෙනිකා දෙවැනි මාත්‍රාව සති 45ක් දක්වා ප්‍රමාද කළහැකි අතර එය ප්‍රතිශක්තිකරණය ඉහළ නංවන බවයි.

ඔක්ස්ෆර්ඩ් එන්නත් සමුහයේ අධ්‍යක්ෂ ඇන්ඩෘ පොලාර්ඩ් පෙන්වා දෙන්නේ දැනට පවතින වෛරස ප්‍රභේද සඳහා සැලකිය යුතු කාලයක් ප්‍රතිශක්තිය ලබා දෙන බැවින් තුන්වන මාත්‍රාවක අවශ්‍යතාව පැන නොනගිනු ඇති බවයි.

“එය අත්‍යාවශ්‍ය වුවහොත් ඒ සඳහා අප සූදානම්ව සිටිය යුතුයි. නමුත් එය අවශ්‍ය බවට අපිට කිසිදු සාක්ෂියක් නැහැ ” අධ්‍යක්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ඇස්ට්‍රොසෙනිකා දෙවන මාත්‍රාව සති හතරකින් නොව සති දොළහකින් ලබා දීමෙන් වැඩි ඵලදායිතාවක් පෙන්නුම් කරන බව මීට පෙර සිදුකළ අධ්‍යයනයකින් හෙළිව තිබුණි.

⁣ඊයේ (28) අනාවරණ කෙරුණු පර්යේෂණය සඳහා දෙවන මාත්‍රාව ප්‍රමාද වූ 30 දෙනෙක් සහ තුන්වන මාත්‍රාව ලබාගත් 90 දෙනෙක්ද සහභාගී කරගෙන ඇති අතර ඔවුන් සියලු දෙනාම වයස අවුරුදු 55ට අඩු අය වුහ.

RECENT ARTICLES - SINHALA

මැතිවරණ කොමිසමෙන් විරෝධයක්

පළාත් පාලන ආයතන අධීක්ෂණය වෙනුවෙන් ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපතිවරයාගේ නියෝජිතයෙකු පත් කිරීමේ තීරණයට විරෝධය පළ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඇගළුම් කම්හලක සේවකයෙක් හදිසි අනතුරකින් මරුට

කළුතර උතුර සමඟිපුර ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක මුද්‍රණ යන්ත්‍රයකට හසුවීමෙන් එම කර්මාන්ත ශාලාවේ සේවකයෙකු ඊයේ (03) මියගොස් තිබෙනවා. මෙලෙස...

මුදල් විශුද්ධිකරණයට එරෙහිව ජනපතිගෙන් විශේෂ තීන්දුවක්

මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම පිළිබඳව ශ්‍රී ලංකාවේ මීළඟ ප්‍රවේශය නුදුරේදීම ක්‍රියාවට නංවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

RECENT ARTICLES - ENGLISH

Breaking: Litro gas prices reduced

0
Prices of Litro domestic LP gas cylinders will.be reduced with effect from midnight today (4), the Litro Chairman said.

Odisha train accident: Coromandel express train collides with goods train, many feared dead

0
In a major train accident in Odisha, an express train collided with a goods train in which many are now feared dead.

Khalid and Salama to visit SL today

0
Khalid Al Ameri, a renowned Emirati blogger, columnist, and motivational speaker, is making headlines once again with his upcoming trip to Sri...