30.2 C
Colombo
Saturday, April 27, 2024

ලෝක කුසලානයේදී ඉන්දියාව කළ හොර වැඩක් එළි‍යට

- Advertisement -

ඉන්දියාව හා නවසීලන්තය අතර මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ අද (15) පැවැත්වීමට නියමිත පළමු අවසන් පූර්ව තරගය සදහා යොදාගැනීමට නියමිත තණතීරුවෙහි වෙනසක් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ මැදිහත් වීමෙන් සිදුව ඇති බවට චෝදනා එල්ල වී තිබෙනවා.

බ්‍රිතාන්‍යයේ dailymail මාධ්‍ය ආයතනය අනාවරණය කර ඇත්තේ, ඉන්දීය දග පන්දු යවන්නන්ට වාසි සහගත වන පරිදි මෙම පියවර ගෙන තිබෙන්නේ ජගත් ක්‍රිකට් කවුන්සලයේ අනුමැතියකින් තොරව බවයි.

අයි.සී.සී තරගාවලියන් හීදී තණතීරු සකස් කරන්නේ, ජගත් ක්‍රිකට් කවුන්සලයේ තණතීරු උපදේශක ඇන්ඩි ඇට්කින්සන්ගේ අධීක්ෂණය යටතේයි.

අද තරගය සදහා පළමුව යොදාගැනීමට තීරණය කර තිබුණේ මුම්බායිහි වන්කඩේ ක්‍රීඩාංගනයේ අංක 6 තණතීරුව තුළ බව සදහන් කළත්, එම තණතීරුව මෙම තරගාවලියේදී මෙතෙක් කිසිදු තරගයක් සදහා යොදා ගෙන නොමැති බව වර්තා වනවා.

කෙසේ වෙතත්, මේ වනවිට එම තීරණය වෙනස් කර පළමු අවසන් පූර්ව තරගය මෙවර ලෝක කුසලානයේදී තරග දෙකක් සදහා යොදා ගෙන ඇති තණතීරු අංක 7 තුළ ක්‍රීඩා කිරීමට පියවර ගෙන තිබෙනවා.

එංගලන්තය හා දකුණු අප්‍රිකාව අතර තරගයත්, ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර තරගයත් පවත්වා තිබුණේ එම තණතීරුව තුළයි.

RECENT ARTICLES - SINHALA

තායිවානයට යළිත් ප්‍රබල භූකම්පනයක්

තායිවානයේ, හුවාලියන් ප්‍රදේශයේ ප්‍රබල භූකම්පනයක් සිදුව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, රික්ටර් මාපකයේ ඒකක 6.1 ක ප්‍රබලත්වයක් සටහන් කරමින් එම භූකම්පනය සිදුව ඇති බවයි. භූකම්පනය...

ශ්‍රී පාද නල්ලතන්නිය නගරයට මත්පැන් බලපත්‍රයක්

නල්ලතන්නිය ශ්‍රි පාද බෞද්ධ මධ්‍යස්ථානය යාබදව සංචාරක මණ්ඩලයේ අනුමැතිය සහිතව සංචාරක හෝටලයක මත්පැන් අලෙවිසැලක් විවෘත කිරිමට සුදානමක් ඇති බව නල්ලතන්නිය ප්‍රදේශවාසින් පවසනවා. සංචාරක මණ්ඩලයේ අනුමැතිය...

දුම්රිය ආසන වෙන් කිරීමත් අවුලක

අන්තර්ජාලය ඔස්සේ දුම්රිය ආසන වෙන් කිරීමේ අර්බුදය විසඳීමට බලධාරීන් මේ වනතෙක් පියවර ගෙන නොමැති බවට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා. එහි සභාපති සුමේධ සෝමරත්න මහතා...

POPULAR ARTICLES

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් ගැන සුසිල්ගෙන් දැනුම් දිමක්

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් සඳහා 60,000ක් ඉල්ලුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. එහි කටයුතු ලබන සතිය වන විට අරඹන බවත් විද්‍යාපීඨ...