30 C
Colombo
Saturday, December 4, 2021

කොරෝනා පැතිරීම වැළැක්වීමට ඉන්දියාව නව සීමාවන් පනවයි

- Advertisement -

සති කිහිපයක් තිස්සේ ඉන්දියාව පුරා කොරෝනා වෛරස් ආසාදනය වන ප්‍රමාණය ක්‍රමයෙන් ඉහළ යමින් පැවතීම හේතුවෙන් කොරෝනා පැතිරීම වැළැක්වීමට ඉන්දියාව නව සීමාවන් පනවා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.මේ සමඟම අගනුවර වන දිල්ලිය ඇතුළු ජනාකීර්ණ නගරවල ඇති ගුවන් තොටුපලවල්, බස් නැවතුම් ස්ථාන සහ දුම්රිය ස්ථානවල අහඹු ලෙස කොවිඩ් පරීක්ෂණ ආරම්භ කර ඇත.

ඊයේ (24) දිනය තුළ ඉන්දියාවේ නව කොරෝනා ආසාදිත රෝගීන් 47,000 කට වැඩි සංඛ්‍යාවක් සහ මරණ 275 ක් වාර්තා වී ඇති අතර එය මේ වසරේ ඉහළම අගයයි. මේ වන විට ඉන්දියාවෙන් වාර්තාවන සමස්ථ රෝගීන් සංඛ්‍යාව මිලියන 11.7 කට වැඩි වන්නේ මරණ සංඛයාව 160,000 කට ආසන්න වෙමිනි.

මෙම වසර ආරම්භයේදී ඉන්දියාව ලොව විශාලතම එන්නත ධාවකය දියත් කිරීමත් සමග ආසාදිත සංඛ්‍යාව සැලකිය යුතු ලෙස පහත වැටුණු බවට පිළිගත හැකිවුයේ නව ආසාදිත සංඛ්‍යාව සමහර දිනවල 10,000 ක් වැනි සංඛ්‍යා වාර්තාවීමත් සමඟය.

නමුත් මාර්තු මාසයේ සිට තියුණු වර්ධනයක් පෙන්නුම් කළ අතර පසුගිය ඉරිදා (21) සිට දිනකට නව ආසාදන 40,000 කට වඩා වාර්තාවී ඇත.ඉන්දියාවේ කොරෝනා වයිරස් විශේෂඥයින් පවසන්නේ මෙලෙස ආසාදිතයින් තියුණු ලෙස ඉහළ යාම භයානක බවයි

වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා ඉන්දීය රජය නව සීමාවන් හඳුන්වා දී ඇති බව වාර්තාවේ. ජනප්‍රිය හින්දු උත්සවයක් වන හෝලි සමයේ ප්‍රසිද්ධ රැස්වීම් හා සැමරුම් තහනම් කර ඇත.

එමෙන්ම දිල්ලියේ සිනමා ශාලා, මෙට්‍රෝ රේල් සහ ආගමික ස්ථාන ‘සුපිරි පැතිරීමේ’ (super spreader) ප්‍රදේශ ලෙස නම් කර ඇත.
මිනිසුන් නිරතුරුව මුඛ ආවරණ පැළඳ හා සමාජ දුරස්ථභාවය පවත්වා ගැනිමින් මෙම ස්ථානවල සිටී දැයි පරීක්ෂා කරන ලෙස ප්‍රාදේශීය නිලධාරීන්ට දැනුම් දී ඇත.

තවද මේවන විට ඉන්දීය රජය ජාත්‍යන්තර වාණිජ ගුවන් ගමන් තහනම අප්‍රේල් 30 දක්වා දීර්ඝ කර තිබේ. බලධාරීන් පැවසුවේ පියාසර අනුමත මාර්ග පමණක් දිගටම ධාවනය වන බවයි.

සමහර දිස්ත්‍රික්ක දැනටමත් වරින් වර අගුලු දැමීම් සහ ඇඳිරි නීතිය පනවා තිබේ. සාප්පු මධ්‍යස්ථාන සහ දුම්රිය ස්ථාන වැනි ප්‍රදේශවල අහඹු ලෙස වේගවත් පරීක්ෂණ සිදුකරන බව මුම්බායි හි නිලධාරීහු පවසයි.

පරීක්ෂණ මගින් තහවුරු කරගන්නා ආසාදිතයන්ට සමගාමීව එන්නත් කිරීම ඉහළ නැංවීම සිදු විය යුතු බව විශේෂඥයෝ නිර්දේශ කර ඇත.

මේ දකවා මාත්‍රාවන් මිලියන 50 කට අධික ප්‍රමාණයක් පරිපාලනය කර ඇති අතර වයස අවුරුදු 45 ට වැඩි ඕනෑම අයෙකු ඇතුළත් කර ගැනීම සඳහා අප්‍රේල් 1 වනදා සිට මෙම මෙහෙයුම තවදුරටත් පුළුල් කරන බව රජය නිවේදනය කර ඇත.

මේ වන විට ලොව විශාලතම එන්නත් කිරීමේ මෙහෙයුම වන මිලියන 48 කට අධික පිරිසකට අවම වශයෙන් එක් මාත්‍රාවක්වත් කොරෝනා වෛරස් එන්නතක් ලබා දී ඇත.

කෙසේ වෙතත්, ජූලි මාසය අවසන් වන විට මිලියන 250 ක ජනතාවක් ආවරණය කිරීමට රජය අදහස් කරන්නේ නම් එන්නත් කිරීමේ වේගය වැඩි කර ගත යුතුය.

විශේෂඥයින් පවසන්නේ මෙම ධාවකය පරිමාණයෙන් ඉහළ නැංවුවහොත් ඉන්දියාවට තම ඉලක්කය මග හැරිය හැකි බවයි.

RECENT ARTICLES - SINHALA

චීන ආයෝජන ‍හොඳයි – විමල් (VIDEO)

මේ රටට ඩොලර් ආදායම උපදවාලීමට හැකි ආයෝජකයන් වැඩි වැඩියෙන් ආකර්ෂණය කර ගැනීම සඳහා සිත්ගන්නාසුලු සේවාවක් සැපයීමට, හම්බන්තොට ජාත්‍යන්තර වරාය පරිශ්‍රයේ කර්මාන්ත අමාත්‍යාංශය...

ත්‍රිකුණාමලය වරාය අමතක කළේ ඇයි? – ජර්මනිය අසයි

0
ස්වාභාවික ගැඹුරු වරායක් වන ත්‍රිකුණාමලය වරාය මෙරට සංවර්ධන මහා සැලැස්මේ විශාල කාර්යයක් ඉටු නොකරන්නේ මන්දැයි තමන් පුදුමයට පත්වන බව ශ්‍රී ලංකාවේ ජර්මන්...

දැරියක් අපහරණය කළ චූන්පාන් වෙළෙන්දා අත්අඩංගුවට

0
වයස අවුරුදු 15 ක් පමණ වයසැති පාසල් සිසුවියක් ලිංගික අපයෝජනයට ලක් කළ බව කියන 'චූන් පාන්' වෙළෙන්දකු අත්අඩංගුවට ගත් බව එඩේරමුල්ල පොලිසිය...

RECENT ARTICLES - ENGLISH

Sri Lankan tortured to death by mob in Pakistan

0
A mob in Sialkot on Friday tortured a man to death before burning his body, while a heavy contingent of police has...

President leaves for Abu Dhabi to attend the Indian Ocean Conference

0
President Gotabaya Rajapaksa left the country today (03) to attend the Indian Ocean Conference (IOC) to be held in Abu Dhabi, the...

Breaking: First Omicron patient detected in Sri Lanka

0
Sri Lanka detected first COVID-19 patient with newly discovered Omicron varient, Health Promotion Bureau said, a short whie...