ඉන්දියාව සහ දකුණු කොරියාව නිරායුධකරණය සහ න්‍යෂ්ටික ආයුධ සීමාකිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක නිරත වූ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
න්‍යෂ්ටික, රසායනික සහ ජීව විද්‍යාත්මක ක්ෂේත්‍රය, න්‍යෂ්ටික බලශක්තිය සාමකාමීව භාවිතා කිරීම පිළිබද මෙම සාකච්ඡවලදී මූලිකව අවධානය යොමු කර ඇත.
නිරායුධකරණය, අභ්‍යවකාශ කටයුතු, කලාපීය න්‍යෂ්ටික නොවන ගැටළු, සාම්ප්‍රදායික ආයුධ සහ අපනයන පාලන තන්ත්‍රයන් සම්බන්ධයෙන් ද දෙපාර්ශවය මෙහිදී අදහස් හුවමාරු කර ගත් බව සදහන් වේ.
ඉන්දීය දූත පිරිස, විදේශ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සන්දීප් ආර්යා විසින් මෙහෙයවන ලද අතර, කොරියානු නියෝජිත පිරිස මෙහෙයවනු ලැබුවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රගුණනය නොවන සහ න්‍යෂ්ටික කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් යංග්යෝ පාර්ක් විසිනි.