30.2 C
Colombo
Saturday, April 27, 2024

විපතේදී පිහිටට ආ කළණ මිතුරු ඉන්දියාවේ ඇපවීම

- Advertisement -

පවතින ආර්ථික අභියෝග ජය ගැනීමට ශ්‍රී ලංකාව දරන උත්සාහයන්ට සහාය දීමට සූදානම් බව ජ්‍යාත්‍යන්තර  මුල්‍ය අරමුදල හෙවත් IMF ආයතනය පවසනවා.

ජ්‍යාත්‍යන්තර  මුල්‍ය අරමුදල පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවට සහාය දක්වන ජ්‍යාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන් සම්බන්ධයෙන් වන මූලික තාක්ෂණික සාකච්ඡා මේ වන විට අවසන් බවයි.

අමෙරිකාවේ වොෂිංටන් නුවර පැවැති ජ්‍යාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකු රැස්වීම අතරතුර ජ්‍යාත්‍යන්තර  මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්‍ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජීවා මහත්මිය සහ එහි කළමනාකාරීත්වයේ අනෙකුත් ජ්‍යෙෂ්ඨ සාමාජිකයන්, මුදල් අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි සහ ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ යන මහත්වරුන් ඇතුළු නියෝජිත පිරිසක් හමු වී විශේෂ සාකච්ඡා පැවැත් වූ අතර, එහිදී මේ බව අනාවරණය වී තිබෙනවා.

ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුව ඇති  ආර්ථික අභියෝග ජය ගැනීමට අවශ්‍ය  ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග පිළිබඳ එහිදී සාකච්ඡා වී තිබෙන අතර ශ්‍රී ලංකාවේ මෑත කාලීන ආර්ථික හා මූල්‍ය ප්‍රවණතා සහ සාර්ව ආර්ථික ස්ථාවරත්වය, යථාතත්ත්වයට පත්කිරීමට විශ්වසනීය සහ සුසංයෝගී උපාය මාර්ගයක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව පිළිබඳ ද එම සාකච්ඡාවේ දී අවධානය යොමුකර තිබෙන බව එම වාර්තා වල සදහන්.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව මෙලෙස දරුණු ආර්ථික අර්බුදයකට ඇදවැටී ඇති අවස්ථාවක මෙවරත් ජ්‍යාත්‍යන්තරය හමුවේ “අප වෙනුවෙන් ඇප වීමට” අසල්වැසි කලණ මිතුරු ඉන්දියාව මැදිහත් වී සිටීම සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ පැසසීමට ලක්විය යුතුම කරුණක්.

ඒ සදහා ඉන්දියාව විසින් ජ්‍යාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත,  අප රට යාමට ප්‍රථම ශ්‍රී ලංකාවට කඩිනමින් මුල්‍ය ආධාර ලබාදෙන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලා සිටීමම  මීට උදාහරණ සපයනවා.

එය සිදුවුනේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡාවලට එළැඹෙන හෙයින්  මූල්‍යකරණය සුරක්ෂිත කර ගැනීම සඳහා ජාත්‍යන්තර සහයෝගය ලබා ගැනීමට ශ්‍රී ලංකාව පසුගිය සතියේ ඉන්දියාවේ සහාය පැතූ පසුබිමකයි.

ඉන්දීය මුදල් ඇමති නිර්මලා සීතාරාමන් වොෂින්ටනයේ පැවති IMF-ලෝක බැංකු රැස්වීම් වලට පෙරාතුවම IMF කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලීනා ජෝර්ජීවා මහත්මිය හමුවුණා.

ඒ ඇය ශ්‍රී ලංකා මුදල් අමාත්‍ය  අලි සබ්රි මහතා හමුවීමෙන් පැය කිහිපයකට පසුවයි.

එහිදී, දශක කිහිපයකින් පසු ශ්‍රී ලංකාව මුහුණ දී ඇති දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකාවට හදිසි මූල්‍ය ආධාර ලබා දෙන ලෙස ඉන්දියාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) ඉල්ලා සිටියා.

ඉන්දීය විදේශ අමාත්‍ය සීතාරාමන් “IMF ආයතනය, ශ්‍රී ලංකාවට සහය විය යුතු බවත්, කඩිනමින් මූල්‍ය ආධාර ලබා දිය යුතු බවත් එම සාකච්ඡාවේදී දිගින් දිගටම  පෙන්වා දී තිබෙනවා.

මෙහිදී IMF කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලීනා ජෝර්ජීවා මහත්මිය ඇයට සහතික වූයේ ආර්ථික අර්බුදය විසදා ගැනීමට “අයිඑම්එෆ් ශ්‍රී ලංකාව සමඟ දිගටම ක්‍රියාකාරීව සම්බන්ධ වන බවයි.

ඉන්දියාව සිය අසල්වැසියාට ලබා දුන් උපකාරය, විශේෂයෙන් ශ්‍රී ලංකාවේ දුෂ්කර ආර්ථික අර්බුදයේදී ශ්‍රී ලංකාවට ලබා දුන් ආධාර ජෝර්ජිවා මහත්මිය  ප්‍රශංසා කළ බව දවිදෙස් වාර්තා වල සදහන්.

ඒ අනුව මුදල් අමාත්‍ය අලි සබ්රි පසුගිය දා  වොෂින්ටනයේදී IMF කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලීනා ජෝර්ජීවා මහත්මිය  හමුවූ අතර IMF වෙතින් වේගවත් මූල්‍ය උපකාරයක් (RFI) සඳහා ඉල්ලීමක් කළා.

මේ සඳහා ඉන්දියාව ද ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටි බව IMF ආයතනය විසින්ම තමන් වෙත දැනුම් දුන් බව ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කලා.

ශ්‍රීලංකාව වෙනුවෙන් “වේගවත් මූල්‍ය උපකාරයක් නිකුත් කිරීම සඳහා සම්මත තත්ත්වයන්ට පිටින් , ජ්‍යාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් කරන ලද විශේෂ ඉල්ලීම සලකා බැලූ බව ද එහි දන්වා තිබුණු බව එහි වැඩිදුරටත් සඳහන්.

මේ අතර මුදල් අමාත්‍ය අල සබ්‍රි පසුගිය දා  වොෂින්ටනයේදී සීතාරාමන් සහ ඇගේ දූත පිරිස හමුවිය.

මෙහිදී සීතාරාමන් “ආර්ථිකය ඉදිරියට ගෙන යාමට ශ්‍රී ලංකාවට උපරිම සහයෝගය ලබා දෙන” බව අමාත්‍ය අලි සබ්රිට සහතික කළ අතර ශ්‍රී ලංකා ආර්ථිකයේ සංවර්ධනය ශක්තිමත් කිරීමට සහ දෙපාර්ශවය අතර ශක්තිමත් බැඳීම් ගොඩනැගීමට නවදිල්ලියේ කැපවීම අවධාරණය කර තිබෙනවා.

ඉන්දීය මුදල් අමාත්‍ය සීතාරාමන් මහත්මිය , මෙරට මුදල් අමාත්‍ය අල් සබ්රිට මෙහිදී වැඩිදුරටත් පවසා ඇත්තේ  “ජ්‍යාත්‍යන්තර මූල්‍ය අරමුදල , ශ්‍රී ලංකාව සම්බන්ධයෙන්  දීර්ඝ අරමුදල් පහසුකමක් කඩිනම් කිරීම සඳහා කරන ලද විශේෂ ඉල්ලීමට “ඉන්දියාව සම්පූර්ණයෙන්ම සහාය දෙන බවයි.

ඉන්ධන මිලදී ගැනීම් සඳහා පෙබරවාරි මාසයේදී ඩොලර් මිලියන 500 ක ණයක් සහ ආහාර, ඖෂධ සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා මාර්තු මාසයේදී තවත් ඩොලර් බිලියන 1 ක ණයක් ඇතුළුව, වසර ආරම්භයේ සිටම ඉන්දියාව ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.5 කට ආසන්න මූල්‍ය ආධාර ලබා දී තිබෙනවා.

එයට අමතරව සාර්ක් පහසුකම යටතේ ඩොලර් මිලියන 400 ක මුදල් හුවමාරුවක් ලබා දී ඇති අතර ආසියානු නිෂ්කාශන සංගමයට ඩොලර් මිලියන 515 ගෙවීමද කල් දමා තිබෙනවා.

මේ වන විට රාජපක්ෂ ආන්ඩුවට එරෙහිව දැවැන්ත විරෝධතා රටපුරා පැන නැගී ඇති අතර අර්බුදයට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකාව තවත් ඩොලර් බිලියනයක මුල්‍ය ආධාරයක් ඉන්දියාවෙන් ඉල්ලා ඇති බවද විදෙස් වාර්තා වල සදහන්.

1948 නිදහසින් පසු ශ්‍රී ලංකාවේ දරුණුතම මූල්‍ය අර්බුදය ඇති වූයේ පසුගිය වසර දෙක තුළ  වන අතර, මෙරට විදෙස් සංචිත සියයට 70 කින් පහත වැටී මේ වන විට එය අමෙරිකානු ඩොලර් මිලියන ගනනක් දක්වා පහත වැටී තිබෙනවා.

මේ නිසා ඉන්ධන, ඖෂධ, ආහාර ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සඳහා ගෙවීම් සිදු කිරීමට නොහැකි වීමෙන් මෙරට සමස්ථ ජනතාව පත්ව ඇත්තේ දැඩි අර්බුදයකටයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආධාර ලබා ගන්නා තෙක් ශ්‍රී ලංකා රජය රටවල් කිහිපයකට සහ බහුපාර්ශ්වික සංවිධානවල මූල්‍ය ආධාර හිමි වුනා.

ඉන්දියාව අවස්ථා කිහිපයකදී ලබා දුන් ආධාර මෙන්ම ඉන්ධන ගෙන්වීම සදහා ලබා දුන් ණය ආධාරය ඒ අතරින් ප්‍රධානයි.

ඉන්දු -ශ්‍රි ලංකා සබඳතා පිළිබඳ කවුරුන් විවේචන එල්ල කළත් අවසානයේ මෙරට ජනතාව තේරුම් ගත යුතු කරුණු කිහිපයක් වනවා, එනම් ශ්‍රී ලංකාව මේ වන විට නිදහසින් පසු දරුණුතම ආර්ථික අර්බුදයට මැදිව සිටින අතර තත්ත්වය මෙසේ පැවතුනහොත් ඉදිරියේ දී ජනතාවට  බඩගින්නේ මියැදෙන්නට සිදුවීම නම් සිදුවිය හැක්කක්.

ඩොලර් බිලියන ගනන් සිය සංචිත තරකරගෙන සිටින බටහිර රටවල් ශ්‍රී ලංකාව දෙස නොදුටු දෑසින් පසුවෙද්දී ලගම අසල්වැසියා මෙන්ම කළණ මිතුරා ලෙසින් ඉන්දියාව අපවෙත දිගුකරන මෙම මිතුදමේ දෑත් අතීතයේ සිටම දෙරට අතර පැවති සබඳතාව මැනවින් මෙරට වැසියන්ට පසක් කර දෙනවා

RECENT ARTICLES - SINHALA

ශ්‍රී පාද නල්ලතන්නිය නගරයට මත්පැන් බලපත්‍රයක්

නල්ලතන්නිය ශ්‍රි පාද බෞද්ධ මධ්‍යස්ථානය යාබදව සංචාරක මණ්ඩලයේ අනුමැතිය සහිතව සංචාරක හෝටලයක මත්පැන් අලෙවිසැලක් විවෘත කිරිමට සුදානමක් ඇති බව නල්ලතන්නිය ප්‍රදේශවාසින් පවසනවා. සංචාරක මණ්ඩලයේ අනුමැතිය...

දුම්රිය ආසන වෙන් කිරීමත් අවුලක

අන්තර්ජාලය ඔස්සේ දුම්රිය ආසන වෙන් කිරීමේ අර්බුදය විසඳීමට බලධාරීන් මේ වනතෙක් පියවර ගෙන නොමැති බවට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා. එහි සභාපති සුමේධ සෝමරත්න මහතා...

මැණික් ගරමින් සිටි පුද්ගලයෙක් දියේ ගිලී මරුට

හොරණ පෝරුවදණ්ඩ ප්‍රදේශයේ කළුගඟේ මැණික් ගරමින් සිටි පුද්ගලයෙකු දියේ ගිලි මියගොස් තිබෙනවා. පොලීසිය සඳහන් කළේ ඊයේ (26) දහවල් කාලයේ මෙම පුද්ගලයා කළු ගඟේ මැණික් ගරමින්...

POPULAR ARTICLES

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් ගැන සුසිල්ගෙන් දැනුම් දිමක්

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් සඳහා 60,000ක් ඉල්ලුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. එහි කටයුතු ලබන සතිය වන විට අරඹන බවත් විද්‍යාපීඨ...