ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ප්‍රදානයක් ලෙස සපයන ලද ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් තොගය රැගත් ගුවන් යානය අද (28) කටුනායක ගුවන් තොටුපොළින් දිවයිනට රැගෙන ආවා.
එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් අඩංගු එම කොවිඩ් එන්නත් තොගය ඉන්දියානු මහකොමසාරිස්වරයා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත නිල වශයෙන් ප්‍රදානය කරනු ලැබූවා.
ඉන්දීය ගුවන් සේවයේ A I – 281 දරන ගුවන් යානය අද පෙරවරු 11.35 ට පමණ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත අදාල එන්නත් තොගය ගෙන ආවා.







