29 C
Colombo
Saturday, May 4, 2024

ඉන්දියානු කොවිඩ් ඖෂධයක් සඳහා චීනයේ ඉහළ ඉල්ලුමක්

- Advertisement -

චීනයේ කොවිඩ් රෝගීන් අඛණ්ඩව ඉහළ යන බැවින්, එරට රජය විසින් ඉදිරි දිනවලදී රට පුරා ප්‍රජා සෞඛ්‍ය මධ්‍යස්ථාන වෙත ෆයිසර් කොවිඩ් පැක්ස්ලොවිඩ් (Paxlovid) නම් ඖෂධය බෙදා හැරීම ඉක්මනින් ආරම්භ කරන බව CNN පුවත් සේවය වාර්තා කරයි.

බීජිං හි ෂිචෙන්ග් දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ප්‍රජා සෞඛ්‍ය මධ්‍යස්ථානයක සේවකයෙකු උපුටා දක්වමින් CNN පවසා ඇත්තේ, ඔවුන්ට මෙම නව ඖෂධ සම්බන්ධයෙන් නිලධාරීන්ගෙන් දැන්වීමක් ලැබී ඇති නමුත් ඖෂධ පැමිණෙන්නේ කවදාද යන්න පැහැදිලි නැති බවයි.

රටපුරා භාවිතය සඳහා චීනයේ ඖෂධ නියාමන අධිකාරිය විසින් අනුමත කරන ලද එකම විදේශීය කොවිඩ් ඖෂධය ලෙස පැක්ස්ලොවිඩ් පවතින නමුත් ඖෂධ ලබාගැනීමේ ක්‍රියාවලිය අභියෝගාත්මක වී තිබේ.

මේ අතර, චීනයේ පවතින කෝවිඩ් වසංගතය වැඩිවීම මධ්‍යයේ ඉන්දියානු ‘ජෙනරික් ඖෂධ’ සඳහා ඇති ඉල්ලුම ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

ඖෂධ සඳහා ඇති විශාල ඉල්ලුමත් සමඟ, ඉන්දියානු ඖෂධවල ඇතැම් ව්‍යාජ නිෂ්පාදන  ද වෙළඳපොළට පැමිණ තිබෙන බව වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

RECENT ARTICLES - SINHALA

ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය තවදුරටත් ඉහළට

දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අද (04) දිනයේදී "වැඩි අවධානය" යොමුකළ යුතු මට්ටම දක්වා තවදුරටත් ඉහළ යනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු, උතුරු-මැද සහ...

කැකිරාවේ කිරි සමාගමකට සීල් තියලා

මිනිස් පරිභෝජනයට නුසුදුසු අයුරින් නිෂ්පාදන කටයුතු පවත්වාගෙන ගිය මරදන්කඩවල කිරි ආශ්‍රිත නිෂ්පාදන ආයතනයක නිෂ්පාදන කටයුතු තාවකාලිකව අත්හිටුවා එම කර්මාන්ත ශාලාවට මුද්‍රා තැබීමට කැකිරාව සෞඛ්‍ය...

බන්ධනාගාර තුනකට ජංගම අධිකරණ

මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලයේ මුල්‍යමය දායකත්වය මත ඉදිරිකරන ලද ජංගම අධිකරණ පද්ධතිය ඊයේ (03)...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...