30.3 C
Colombo
Friday, April 26, 2024

ඉන්දීය ප්‍රහාරක යානාවලට ඇමරිකානු බෝම්බ

- Advertisement -

ඉන්දියාවේ නිෂ්පාදිත තේජාස් ප්‍රහාරක ගුවන් යානාවල ප්‍රහාරක හැකියාවන් ඉහළ නැංවීම සඳහා ඉන්දියානු ගුවන් හමුදාව විසින් එම යානා ඇමරිකානු ඒකාබද්ධ සෘජු ප්‍රහාරක බෝම්බ (JDAM) කට්ටලවලින් සන්නද්ධ කරමින් සිටින බව වාර්තාවේ.

නිශ්චිත නිරවද්‍යතාවයකින් යුතුව සතුරු ස්ථාන ඉලක්ක කර ගැනීමට ඉන් හැකියාව ලැබෙන බව ඉන්දීය ගුවන් හමුදාව පවසයි.

කිලෝමීටර් 80 කට වැඩිදුරකින් යුතු ඉලක්ක වෙත පවා නිවැරදි ලෙස ප්‍රහාර එල්ල කිරීම සඳහා උපකාර වන JDAM කට්ටල ලබාගැනීම සඳහා ඉන්දීය ගුවන් හමුදාව මෑතකදී ඇමරිකාව සමග ගිවිසුමක් ද අත්සන් කර ඇති බව එරට රජයේ ආරංචි මාර්ග සදහන් කරයි.

මෙම JDAM කට්ටලවලින් සමන්විත පළමු ගුවන් ඇණිය වනු ඇත්තේ සැහැල්ලු ප්‍රහාරක ගුවන් යානා වන තේජාස් වන බවත් ඒවා අනාගතයේදී ඉන්දීය ගුවන් හමුදාවේ ප්‍රධානතම අංගයක් වනු ඇති බවත් එරට ආරක්ෂක ආරංචි මාර්ග පවසයි.

වැඩි ප්‍රහාරක හා තාක්ෂණික හැකියාවන් එක් කරමින් දේශීයව තේජාස් ප්‍රහාරක ගුවන් යානා නිෂ්පාදනය කිරීමේ වැඩසටහනට ඉන්දීය රජය විශේෂ සැළකිල්ලක් දක්වයි.

RECENT ARTICLES - SINHALA

නීතිඥ සංගමයට සජබෙන් ආරාධනයක්

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය සඳහා මැදිහත් පාර්ශවයක් ලෙස කටයුතු කිරීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමයට ආරාධනා කර තිබෙනවා. ශ්‍රී...

අමරවීර ඉරානයට

කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (26) ඉරානය බලා පිටත්ව ගොස් තිබෙනවා. ඉරානයේ ‌ටෙහෙරාන් නුවර පැවැත්වෙන EXPO ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාව නියෝජනය...

කොළඹට හෙට පැය 14ක ජල කප්පාදුවක්

හෙට (27) පස්වරු 05 සිට පැය 14ක කාලයක් කොළඹ, දෙහිවල - ගල්කිස්ස හා මොරටුව ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...