32 C
Colombo
Friday, May 10, 2024

කළුතර සිසුවියගේ අභිරහස් මරණය ගැන පරීක්ෂණ පොලිස්පති ගත් විශේෂ තීරණය

- Advertisement -

කළුතර නගරයේ නවාතැන්පොලක පස් මහල් ගොඩනැගිල්ලකින් අහිරහස් ලෙස ඇඳ වැටී මියගිය 16 හැවිරිදි පාසල් සිසුවියගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී තිබෙනවා.

පසුගිය 06 වනදා අදාළ දැරිය දකුණු කළුතර පිහිටි හෝටලයක පස් මහලෙන් ඇඳ වැටි තිබුණා.

මෙම අභිරහස් මරණ සම්බන්ධව සිසුවියව හෝටලයට රැගෙන ගිය බවට පැවසෙන 29 හැවිරිදි විවාහක පුද්ගලයා මේ වන විට අත්අඩංගුවට ගෙන රඳවා ගැනීමේ නියෝග මත ප්‍රශ්ණ කිරීම් සිදු කරනු ලබනවා.

ඊට අමතරව ලැඟුම්හලේ හිමිකරුගේ බිරිඳ සහ දැරියව හෝටලයට රැගෙන යාමට උදව් උපකාර කළ බවට පැවසෙන තරුණයා සහ තරුණිය රිමාන්ඩ් භාරයට පත් කර තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් ඊයේ (11) සවස දැරියගේ නිවසට ගොස් පරීක්ෂණ ආරම්භ කළේ පොලිස්පති සි ඩි වික්‍රමරත්න මහතාගේ උපදෙස් මතයි.

මේ අනුව දැරියගේ මවගෙන් සහ තවත් කිහිපදෙනෙක්ගෙන් ප්‍රකාශ ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

RECENT ARTICLES - SINHALA

ඩොනල්ඩ් ලූ ශ්‍රී ලංකාවේ සංචාරයක

අමෙරිකා එක්සත් ජනපදයේ දකුණු හා මධ්‍යම ආසියානු කලාප භාර සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ මහතා මෙරට සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා. මැයි 10 සිට 15...

දියමත පාවෙන සූර්ය පැනල ව්‍යාපෘති දෙකක වැඩ අවසන් අදියරේ

විදුලිබල සහ බලශක්ති අමාත්‍යංශය සහ සුනිත්‍ය බලශක්ති අධිකාරිය සමඟ ඒකාබද්ධව කොරියානු රජයේ මූල්‍ය ආධාර සහ තාක්ෂණික සහය මත ඉදි කරන ජලය මතුපිට පාවෙන සූර්ය...

සාපෙළ සිසුවෙකුට පහරදුන් සිසුන් දෙදෙනෙක් අත්අඩංගුවට

රත්ගම ප්‍රදේශයේ පාසලක විභාග මධ්‍යස්ථානයකට ඇතුළු වී අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනි සිටින පාසල් සිසුවෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තවත් සිසුන් දෙදෙනෙකු...

POPULAR ARTICLES

හෙද සේවය ඇතුළු සෞඛ්‍ය සේවාවල විශ්‍රාම වයස් සීමාවේ වෙනසක්

හෙද කාර්ය මණ්ඩලයේ ඇතුළු ඇතැම් සෞඛ්‍ය සේවාවල විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 දක්වා දිර්ඝ කරන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව...

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ගාල්ලේ කාන්තාවකගේ මිලියන ගණනක වත්කම් තහනම් කෙරේ

ගාල්ල ප්‍රදේශයේ කාන්තාවක සතු මිලියන ගණනාවක් වටිනා දේපොළ තහනම් කිරීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා. උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට නොහැකිවීම හේතුවෙන් ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය...