29 C
Colombo
Wednesday, June 7, 2023

ජාත්‍යන්තර රොටර්ඩෑම් චිත්‍රපට උළෙලේ ජූරි සම්මානයක් විසාකේස චන්ද්‍රසේකරම්ට

- Advertisement -

විසාකේස චන්ද්‍රසේකරම් විසින් රචනා කොට, අධ්‍යක්ෂණය කර නිෂ්පාදනය කරන ලද Munnel චිත්‍රපටය නෙදර්ලන්තයේ රොටර්ඩෑම් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ (IFFR) ජූරි සම්මානය දිනාගෙන තිබෙනවා.

52 වන රොටර්ඩෑම් ජාත්‍යන්තර චිත්‍රපට උළෙල රොටර්ඩෑම් හි ස්ථාන කිහිපයක චිත්‍රපට දර්ශන සිය ගණනක් ඉදිරිපත් කර තිබුණා.

Munnel හි මංගල දර්ශනය ජනවාරි 28 වන දින Pathe IMAX සිනමාහලේදී පැවති අතර එහි දෙවන ප්‍රදර්ශනය ජනවාරි 29 වන දින පැවැත්වුණා.

මෙහි විශේෂත්වය නම් අදාළ දර්ශන දෙකෙහිම ප්‍රවේශපත් කල්තියා විකුණා අවසන් වීමයි.

දේශපාලන සිරකරුවන් දෙදෙනෙකු වටා දිවෙන මෙම චිත්‍රපටය සම්බන්ධයෙන් අදහස් දක්වමින් එහි අධ්‍යක්ෂ විසාකේස ප්‍රේක්ෂකයන් මෙසේ පවසා තිබුණා.

“මෙම චිත්‍රපටය නැරඹීමට පැමිණීමෙන් ඔබ හුදෙක් විනෝදාස්වාදය ලබන්නේ නැත. ඒ වෙනුවට ඔබ ලෝක ප්‍රජාතන්ත්‍රවාදයට සහභාගී වන්නේ, ඔබ අපේ කතාව තවත් බොහෝ අය සමඟ බෙදාගෙන අපේ ජනතාවට යුක්තිය සහ ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා සිටින නිසාය.”

ජගත් මනුවරන්ගේ සිංහල භාෂා වෘතාන්ත චිත්‍රපටය වන “රහස් කියන කඳු” ද උළෙලේ මංගල දර්ශනයට ඉදිරිපත් කළ අතර, එම චිත්‍රපටය NETPAC සම්මානය දිනා ගත්තා.

RECENT ARTICLES - SINHALA

මැති ඇමති නොවන පිරිසකට ආරක්ෂකයන් 5400ක් දීලා

ඇමැතිවරුන්ට මන්ත්‍රීවරුන්ට අමතරව වෙනත් පුද්ගලයන්ට ප්‍රභූ ආරක්ෂකයන් 5400ක් ලබාදී ඇතැයි තොරතුරු අනාවරණය වන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පාර්ලිමේන්තුවේදී අද(06)...

ගුවන් යානා ගොඩ බැස්සවීමේ ගාස්තු අඩකින් අඩුවෙයි

ගුවන් යානා කටුනායක ගුවන් තොටුපොළට ගොඩබෑමේ ගාස්තු වසරක් දක්වා සියයට 50 කින් අඩු කිරීමට රජය තීරණය කර ඇතැයි වරාය නාවික සහ ගුවන්...

මෛත්‍රිපාල ශ්‍රී ලංකන් එකට දෙහි කපයි

ශ්‍රී ලංකා ගුවන් සේවයේ බත් පැකට් එකේ ඉදල තියෙන්නෙ ගැහිල්ල බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුවේදී අද (6) ප්‍රකාශ කළා.

RECENT ARTICLES - ENGLISH

Essential drug prices to be reduced from 15 June

0
The Cabinet of Ministers approved the proposal raised by the Minister of Health to reduce the maximum retail price of 60 medicines...

Nearly 80 students, mostly girls, are poisoned in Afghanistan

0
Nearly 80 primary school students, mostly girls, are suspected to have been poisoned over the weekend and taken to hospital in Afghanistan’s...

Delays in trials pertaining to child abuse cases studied

0
The Sectoral Oversight Committee on Children, Women and Gender looks into the prevention of delays in trial pertaining to the cases of...