30.3 C
Colombo
Friday, April 26, 2024

විරෝධතාකරුවන් එළවන්න මැදිහත් වුණේ පිතිකරුවන්ට බාධා වෙන නිසයි – යුද හමුදාව

- Advertisement -

ගාල්ල ජාත්‍යාන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟය අතරතුර ගාලු කොටු පවුර මත සිට ඊයේ (30) විරෝධතාකරුවන් පිරිසක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව විරෝධතාවයක් පැවැත්වූවාත

මෙම ස්ථානයට පැමිණි යුද හමුදා සෙබලුන් පිරිසක් ඔවුන්ව විසුරුවා හැරීමට කටයුතු කිරීමේදී විරෝධතාකරුවන් ඊට විරෝධය පෑවා.

ඔවුන් ප්‍රශ්න කර සිටියේ සිවිල් විරෝධතාවයක් විසුරුවා හැරීමට පොලීසිය මැදිහත් නොවී යුද හමුදාව ආයුධද අතැතිව පැමිණෙන්නේ කෙසේද යන්නයි.

කෙසේවෙතත් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න මහතා ‘ද මෝර්නින් ‘ පුවත්පතට අදහස් දක්වමින් පවසා ඇත්තේ ඊයේ දිනයේදී ගාලු කොටු බැම්ම උඩ පැවති විරෝධතාව විසුරුවා හැරීම සදහා හමුදාව මැදිහත් වූවේ, එම විරෝධතාවය හේතුවෙන්, පිතිකරණයේ නිරතව සිටි පිතිකරුවන්ට එය බාධාවක් වූ නිසා බවයි.

විරෝධතාකරුවන් විරෝධතාපුවරු ඔසවාගෙන සිටි බවත්, එම විරෝධතා පුවරු නිසා පිතිකරුවන්ගේ අවධානය වෙනතකට යොමු වීමේ අවධානමක් තිබුණු බවත් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා තිබෙනවා.

මේ හේතුවෙන් විරෝධතාකරුවන් ඉවත් නොකර, විරෝධතා පුවරු පමණක් ඉවත් කිරීමට කටයුතු කළ බව ඔහු සදහන් කළ බව ‘ද මෝර්නින් ‘ පුවත්පත පවසනවා.

RECENT ARTICLES - SINHALA

නීතිඥ සංගමයට සජබෙන් ආරාධනයක්

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය සඳහා මැදිහත් පාර්ශවයක් ලෙස කටයුතු කිරීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමයට ආරාධනා කර තිබෙනවා. ශ්‍රී...

අමරවීර ඉරානයට

කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (26) ඉරානය බලා පිටත්ව ගොස් තිබෙනවා. ඉරානයේ ‌ටෙහෙරාන් නුවර පැවැත්වෙන EXPO ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාව නියෝජනය...

කොළඹට හෙට පැය 14ක ජල කප්පාදුවක්

හෙට (27) පස්වරු 05 සිට පැය 14ක කාලයක් කොළඹ, දෙහිවල - ගල්කිස්ස හා මොරටුව ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...