25 C
Colombo
Thursday, December 1, 2022

මලබාර් නාවික අභ්‍යාසය චීනයට අනතුරු ඇඟවීමක්ද ?

- Advertisement -

චීනයේ උඩඟු සහ බලපෑම් සහගත හැසිරීම ලෝකය තුළ දැඩිව සහ පීඩාකාරීව ස්ථාපිත වී ති‍බෙනවා. චීනයේ කොමියුනිස්ට් පාලනය විසින් කොරෝනා වසංගත සමයේ දරැණුම අවධියේදී මෙන්ම දැනට පවතින ඇෆ්ගනිස්ථාන අර්බුදකාරී තත්ත්වය තුළ පවා සිය ව්‍යාප්තවාදී උපායමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක කරමින් සිටින අතර එම ප්‍රචාරකවාදී වැඩපිළවෙලට සීමාවක් ද නැහැ. චීනය සමඟ ගනුදෙනු කිරීමේදී ලොව පුරා බොහෝ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන් දැඩි ප්‍රවේශයක් ගන්නේ මේ තත්වය නිසා බව සඳහන් කළ හැකියි.

දින කිහිපයකට පෙර ඕස්ට්‍රේලියාව, ජපානය, ඉන්දියාව සහ ඇමරිකා එක්සත් ජනපදය බටහිර පැසිෆික් සාගරයේ ගුවාම් වෙරළ තීරයේ මලබාර් නාවික අභ්‍යාසයක් සඳහා එක් වුණා. ක්වාඩ් (QUAD) රටවල් ලෙස හැඳින්වෙන ජාතීන් හතරම දින හතරක් පුරා මෙම නාවික අභ්‍යාසයේ නිරත විය.
පසුගිය 2007 වසරේ දී ආරම්භ කරන ලද Quadrilateral Security Dialogue හෙවත් QUAD යනු ඉන්දියාව, ජපානය, ඕස්ට්‍රේලියාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර මූලෝපායික සංවාදයක් වන අතර ඊට සමගාමීව සිදුකෙරුණු මලබාර් යුද අභ්‍යාසය ඒකාබද්ධ යුද අභ්‍යාසයක්.

මෙම මිලිටරි හා රාජ්‍ය තාන්ත්‍රික වැඩපිළිවෙළේ සංයෝජනය චීනයේ ආක්‍රමණශීලී ආර්ථික හා මිලිටරි ශක්තියට ප්‍රතිචාරයක් ලෙසයි සැලකෙන්නේ.

මලබාර් නාවික අභ්‍යාසය 1992 දී ඉන්දියන් සාගරයේ ආරම්භ කෙරුණේ ඇමරිකා එක්සත් ජනපදය සහ ඉන්දියානු නාවික හමුදාව අතර ද්විපාර්ශ්වික අභ්‍යාසයක් ලෙසයි. එය ක්වාඩ් හි කොටසක් නොවුණත් රටවල් 4 අතර හවුල්කාරිත්වයේ සහ සහයෝගීතාවයේ ප්‍රතිබිම්බයක් ලෙස සැලකේ.

ඕස්ට්‍රේලියාව ඉවත් වීම හේතුවෙන් ක්වාඩ් සන්ධානය කෙටි කාලයකදී අවසන් වූවද 2017 දී ආසියාන් සමුළුව අතරතුරදී සාමාජිකයින් සිව් දෙනාම චතුරස්රාකාර සන්ධානය පුනර්ජීවනය කිරීමට යළි තීරණය කළා. එහි මූලිකම අරමුණ වූයේ දකුණු චීන මුහුදේ සිදුවෙමින් පැවති චීන මිලිටරි ක්‍රියාකාරකම් පිළිබඳ අවධානය යොමුකිරීමයි.

ඒ අනුව , 2020 දී, ජාතීන් හතර වසර 13 කට පසු පළමු වතාවට ඒකාබද්ධ නාවික අභ්‍යාසයක නිරත වූ අතර 2021 දී ක්වාඩ් සාමාජිකයින් විසින් ඒකාබද්ධ ප්‍රකාශයක් ද නිකුත් කළා. එහිදී ඔවුන් “නැගෙනහිර සහ දකුණු චීන මුහුදේ කටයුතු සදහා නීති මත පදනම් වූ නාවික නියෝගයක්” සහ නිදහස් හා විවෘත ඉන්දු-පැසිෆික් සාගරයක් සඳහා වූ ඔවුන්ගේ හවුල් දැක්ම පිළිබඳව පැහැදිලි කෙරුණා.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම් සහ රටේ ජනාධිපති ලෙස ෂී ජින්පින්ගේ පත්වීම සිදුවූ දා සිට, ක්වාඩ් ජාතීන් සහ චීනය අතර ආතතීන් හා සතුරුකම් බොහෝ ගුණයකින් වැඩි වී තිබෙනවා.

චීන ජනාධිපති ෂී ජින් පිං වඩාත් ස්ථිරසාර හා ජාතිකවාදී චීනයක් ප්‍රක්ෂේපණය කිරීමේ දැඩි ප්‍රවේශයක් ගෙන කටයුතු කරන බව පැහැදිළිව පෙනී යනවා. 2014 සිට 2016 අතර කාලය තුළ, චීන මහජන චීන සමූහාණ්ඩුව, ෂී ජින් පිංගේ නායකත්වය යටතේ, ඉතිහාසයේ වෙනත් කිසිදු රටක් සිදු නොකළ තරම් කෘතිම දූපත් දකුණු චීන මුහුදේ ඉදිකර ඇත. අනෙකුත් ජාතීන් මෙන් නොව චීනය සිය කෘතීම දූපත් හමුදාකරණය කිරීමට පවා ආරම්භ කර තිබෙනවා.

මුල් වකවානුවේ ක්වාඩ් සන්ධානය මිලිටරිකරණය කිරීම ගැන ඉන්දියාව ද පසුවුණේ දෙගිඩියාවෙන්. එහෙත් චීනය සමඟ නිතර නිතර හටගත් දේශසීමා ගැටුම් හේතුවෙන් ඉන්දියාවද සිය ස්ථාවරය වෙනස් කළ අතර මේ වනවිට ඔවුන්ද එම මිලිටරි ප්‍රවේශයට එකඟතාවය පළ කර අවසන්.

2020 මලබාර් නාවික අභ්‍යාස අභ්‍යාසයෙන් පසුව, එක්සත් ජනපදය ක්වාඩ් සාමාජිකයින්ට යෝජනා කළේ මෙය පොදු භූදේශපාලනික හා ආරක්‍ෂිත අරමුණු වලින් සමන්විත ‘ආසියානු නේටෝ’ සංවිධානය බවට පත් කරන ලෙසයි. ඊට චීනයේ නැගීමට එරෙහිව ආරක්ෂක පවුරක් ලෙස ක්‍රියා කළ හැකි බවද මෙහිදී පෙන්වා දෙනු ලැබුණා.

මෙම පියවරට චීනය දැඩි විවේචන හා විරෝධය පළ කළ අතර එය චීනය සහ සෙසු කලාපීය රටවල් අතර අසමගිය ඇති කිරීමේ උත්සාහයක් බවටද ප්‍රකාශ කළා. බීජිං පාලනය බොහෝ අවස්ථාවලදී ක්වාඩ් ‘හිස් කතා සමාජයක්’ ලෙස හඳුන්වන අතර සාමාජික රටවල් තමන්ගේ පෞද්ගලික පළිගැනීම් සාක්‍ෂාත් කර ගැනීමට සූදානම් වන ව්‍යහුයක් ලෙසට එය අර්ථගන්වා තිබෙනවා.

බංග්ලාදේශයේ චීන තානාපති ලී ජිමිං 2021 එරටට අනතුරු ඇඟවූයේ ක්වාඩ් ආයතනයට සම්බන්ධ නොවන ලෙසත් එවැනි ව්‍යාපාරයක් මඟින් චීනය සමඟ සබඳතාවලට බරපතල හානි සිදු විය හැකි බවත්ය. මේ පසුබිම හේතුවෙන් චීනය සමඟ ගැටුම් ඇති කර ගැනීමේ බිය නිසා බොහෝ ආසියාන් රටවල් මෙම කරුණේදී විවෘතව පැත්තක් ගැනීමට බිය වන බවක් නිරීක්ෂණය කළ හැකියි.

කෙසේවෙතත්, අනාගතයේදී , මහා බ්‍රිතාන්‍යය, ප්‍රංශය සහ ජර්මනිය වැනි අනෙකුත් රටවල් වෙත ක්වාඩ් හි සාමාජිකත්වය දිගු කිරීමේ හැකියව පවතිනවා.

තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ බලය අත්පත් කර ගැනීමෙන් පසු මෑතකාලීනව මතුව ඇති බල තරගය සහ වියුක්තයන් තුළ ඉරානය, රුසියාව, තුර්කිය, පකිස්ථානය සහ චීනය බලය අල්ලා ගැනීමේ තරගයකට මැදීවී සිටිනවා.

මේ පසුබිම මැද , චීනය, රුසියාව, ඉරානය, පකිස්ථානය සහ තුර්කිය (සීආර්අයිපීටී) යන රටවල් සම්බන්ධව ක්වාඩ් වැනි තවත් සන්ධානයක් මතු වීම ගැන ද වැඩි වැඩියෙන් අවධානය යොමු වී තිබෙනවා. එහෙත් මෙම රටවල් අතර වන පක්ෂපාතීත්වය පදනම් වී ඇත්තේ ලාභ සහ සීමිත පෞද්ගලික අවශ්‍යතා මතයි. මෙම රටවල් පහ අතර සම්බන්ධතාවය හවුල් සාමාජික එදිරිවාදිකම් සහ ක්වාඩ් සාමාජිකයින් කෙරෙහි සතුරුකම මත පමණක් දිවයන්නක්. අවිශ්වාසය සහ අනාරක්‍ෂාව මත පදනම් වූ මෙම හවුල් දැක්ම සැලකිය යුතු එකඟතාවයකට ගෙන ඒමට නොහැකි වන බව අවිවාදිතයි.

මේ සියල්ල මැද අවසානයේදී, ක්වාඩ් සාමාජික රටවලට ඇති ප්‍රධාන අභියෝගය නම් කලාපයේ ආර්ථික සම්බන්ධතාවය නොනවත්වා පවත්වා ගෙන යන අතරේ චීන ව්‍යාප්තිය විසින් ඇතිකරන ව්‍යාකූලත්වය අතර සමබරතාවයක් පවත්වාගෙන යාමයි.

RECENT ARTICLES - SINHALA

අයියට මගේ මරණ මංචකයේ දී වත් සමාවක් නැහැ – බැසිල් ගෝඨාභයට කියලා?

0
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරය අත්හැර ගියහොත් පාර්ලිමේන්තුව හරහා තමාට ජනාධිපති ධුරය ලබා ගැනීමට හැකි වේ යැයි හිටපු මුදල් අමාත්‍ය...

මහජන උපයෝගිතා කොමිසම විදුලි කප්පාදුව ගැන ගත් අලුත්ම තීරණය

0
අද (01) සහ හෙට (02) යන දින දෙක තුළදී දී පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුවන බව මහජන උපයෝගිතා කොමිසම ලංකා...

සුදු මැස්සා පාලනය කිරීමට හමුදාව හා හෙලිකොප්ටර් යොදාගන්න

පොල් වගාව තුළ වේගයෙන් පැතිර යන සුදු මැස්සා පාලනය කිරීම සදහා හමුදාව සහ හෙලිකොප්ටර් යොදවා කඩිනමින් එය පාලනය කිරීමට කටයුතු කරන්නැයි කුරුණෑගල...

RECENT ARTICLES - ENGLISH

By increasing export taxes, industries should not be discouraged: COPF

0
Dr. Harsha de Silva, Chairman of the Committee of Public Finance instructed officials to the Ministry of Finance that an analytical report...

The new year begins with another massive electricity tariff hike

0
Cabinet has approved a hike in electricity tariffs under two steps in January and June 2023. Although the electricity...

Sari/Osari fiasco: Circular on state sector employees’ attire revoked

0
Circulars on the official attire of staff grade officers in the State sector have been revoked. According to the...