30.1 C
Colombo
Friday, April 26, 2024

බුද්ධි අංශ පැමිණ නිවසේදී සහරාන් හමු වූ බවක් හෙළිවී නෑ – ඇමති සරත්

- Advertisement -

බුද්ධි අංශ පැමිණ නිවසේදී සහරාන් හමු වූ බව සහරාන්ගේ බිරිඳ වන අබ්දුල් කාදර් ෆාතිමා හාදියා නමැත්තිය පවසා නැතැයි, සරත් වීරසේකර අමාත්‍යවරය ඊයේ (11) දින පාර්ලිමේන්තුවේදී පවසන ලදි.

හාදියා නමැත්තිය මේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ 5 ක් ලබා දී ඇති නමුත් ඒවායේ කිසිදු තැනක බුද්ධි අංශ පැමිණ නිවසේදී සහරාන් හමු වූ බව හාදියා පවසා නොමැති බවයි මහජන ආරක්ෂක අමාත්‍යවරයා පවසා සිටියේ.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව පෙරේදා හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර මන්ත්‍රීවරුන් නැගූ ප්‍රශ්වලට පිළිතුරු දෙමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා.

”හාදියා 2019 මැයි මාසේ 14 වැනිදා සී.අයි.ඩී එකට කට උත්තරයක් දෙනවා. ඒකෙත් කිසිම තැනක සඳහන් වෙලා නැහැ. බුද්ධි අංශ ඇවිත් සහරාන්ව හමු වුණා කියලා. හරීන් ප්‍රනාන්දුට අවශ්‍ය නම් සී.අයි.ඩී එකට ඇවිල්ලා ඒ ලේඛනය බලලා සැක හැර ගන්න පුළුවන්. බය වෙන්න එපා ඔබතුමාව අත්අඩංගුවට ගන්නේ නැහැ. ඉතිං මම ඔබතුමාට මේ ලේඛනය බලන්න හෙට සී.අයි.ඩී එකට ඉන්න කිව්වාම අද රෑට ගිහින් ආසිරි එකට හරි ලංකා හොස්පිට්ල් එකට හරි ඇඩ්මිට් වෙන්න එපා.

මැයි මාසේ 20 වැනි දින ඔවුන් හාදියා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදු කරන ලද විමර්ශන සහ ජනාධිපති කොමිසම මගින් සිදු කළ හාදියා ලබා දී ඇති සාක්ෂි අඩංගු වෙලුම් දෙක.සී.පිටු අංක 32 පිටු අංක 2001 දාහත සිට 2469 දක්වා පිටු 362ක් විමර්ශනය කරමින් ස්වාධීනව සහ රඳවාගෙන ලබා ගත් සාක්ෂි අනුව කිසිම අවස්ථාවක හාදියා විසින් සහරාන් සහ බුද්ධි අංශවල කිසිදු සම්බන්ධයක් තිබු බව සඳහන් වී නැති බව සනාථ කරලා තියෙනවා. පාස්කු ප්‍රහාරයට පෙර දෙවතාවක් සී.අයි.ඩී එක 2018 දී සහ 2019දී හාදියාගෙන් ප්‍රශ්න කර තිබෙනවා.

හාදියා කියනවා සාරා සහ ෆෙරෝසා කියන කාන්තාවන් දෙදෙනා තමන්ගේ ගෙදර ඉන්නවා කියලා.සාරා කියන්නේ කටුවාපිටියේ බෝම්බය පුපුරවපු ස්තුන්ගේ බිරිඳ ෆෙරෝසා කියන්නේ මඩකලපුවේ සියොන් පල්ලියේ පුපුරවපු බෝම්කරුගේ බිරිඳ. ශානි අබේසේකරගේ සී.අයි.ඩී එක කටඋත්තර ලියාගෙන පමණක් ඇවිත් තියනවා. ඒ පරීක්ෂණ හරියට කළා නම් මේ පාස්කු ප්‍රහාරය අපි වළක්වා ගන්න තිබුණා. අප්‍රේල් පස්වෙනිදා අලුයම 12 . 35ට අංක එල්.ඊ 6012 දරන විසිතුරු මසුන් රැගත් ලොරියක් තමයි ගැලනිගම අධිවේගී මාර්ග සංචාරක කොට්ඨාසයේ පොලිස් නිලධාරීන්ගේ පරීක්ෂණයට ලක් කර තිබෙන්නේ. ඒ ලොරියේ සැක කටයුතු කිසිවක් නැති බවත්, තිබී ඇත්තේ චීනයේ සිට මෙරටට ගෙන් වූ විසිතුරු මසුන් බවත් පෙනී ගොස් තිබෙනවා.

ඔවුන් ගෙනියන්නේ කටුනායක ප්‍රදේශයේ සිට හොරණ ප්‍රදේශයටයි. ලොරිය නැවත්තුවාම ඒකේ රියදුරා වන රොමේෂ් ඉන්දික පීරිස් නමැත්තා කියනවා. වැඩිවෙලා නවත්වාගෙන සිටියොත් ඔක්සිජන් අවසන්වීම නිසා ඉතා මිල අධික මේ මසුන් මිය යාමට ඉඩ ඇති බව. මෙය දැන්වූ පසු තමයි මේ පරීක්ෂණ අවසානයේ ගැටලුවක් නොමැති නම් අදාළ ලොරි රථය ප්‍රමාදයකින් තොරව මුදා හරින ලෙස උසස් පොලිස් නිලධාරියා උපදෙස් දී තියෙන්නේ. 2019 අප්‍රේල් විසි එක්වන දින මාලු මාලු හෝටලයේ කිසිම උසස් පොලිස් නිලධාරියෙක් නවාගැන් ගෙන නැති අතර එසේ සිටියා යැයි සනාථ කළ හැකි බිල්පත් හෝ තොරතුරු ඇත්නම් ඒවා ඉදිරිපත් කරන ලෙස මා ඔහුට දන්වා සිටිනවා. ඒ වගේම ක්‍රිකට් ආයතනයෙත් ආරක්ෂාව භාරව ශ්‍රී ලංකා පොලිසියේ නිලතල දරන කිසිවෙකුත් නැති බවත් මං අවස්ථාවල කියා සිටිනවා.

IS දැඩි මතදාරී මවුෆර් මවුලවි 2016 පුනි 24 කටාර් සිට ලංකාවට පැමිණ සහරාන්ව අභිප්‍රේරණය කරනවා.ජාතික තවුහිද් ජමාත් කියන සංවිධානයේ සහරාන්ට මවුෆර් මවුලවි තම බිරිඳගේ සහෝදරියගේ දියණිය වන හාදියා විවාහ කර දෙනවා. බුද්ධි අංශ විසින් මේ සහරාන්ගේ ජාලයට සම්බන්ධ පුද්ගලයින් පිළිබඳව බලධාරීන් වෙත දන්වා තිබුණත් යහ පාලන රජය කිසි දෙයක් කළේ නැහැ. තමුන්නාසේලා බලයට පැමිණි හැම වතාවේම බුද්ධි අංශ අකර්මන්‍ය කළා. හැල්ලු කළා. චිත්‍ය ධෛර්ය අකර්මන්‍ය කළා. මිලේනියම් සිටි පාවාදීම අමතක කරන්න එපා. කොන්දක් තියනව නම් එළියට ඇවිත් කියන්න තමුන්නාසේලා පාර්ලිමේන්තුවේ කිවුව සාවද්‍ය කරුණු ඇත්ත කියලා පිළි අරන් කතෝලික පූජකතුමන්ලාත් එළියේ දේශනා කරලා අද අමාරුවේ වැටිලා ඉන්නවා. අපි ඒ ගැන ශෝක වෙනවා”

RECENT ARTICLES - SINHALA

ආයුර්වේද ඖෂධ නිෂ්පාදන නියාමනයට අලුත් සභාවක්

ශ්‍රී ලාංකීය ජනතාවගේ මෙන්ම සමස්ථ ලෝවාසී ජනතාවගේ නීරෝගී සුවය උදෙසා ගුණාත්මක තත්ත්වයෙන් උසස් ආයුර්වේද ඖෂධ නිෂ්පාදන ක්‍රියාවලියක් වෙනුවෙන් ආයුර්වේද ඖෂධ නිෂ්පාදන නියාමන සභාව පත්කිරීම...

කොකුවිල් දුම්රිය ස්ථානයට සීල් තියලා

යාපනය කොකුවිල් දුම්රිය ස්ථානයේ ප්‍රවේශපත්‍ර අලෙවි කිරීමෙන් ලද ආදායමෙන් රුපියල් ලක්ෂ විසි හතරක මුදලක් වංචා වීමත් සමගම දුම්රිය විමර්ශන නිලධාරීන් විසින් කොකුවිල් දුම්රිය ස්ථානයට...

සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ගැන දැනුම්දීමක්

සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසනව. ඔහු අද (26) පාර්ලිමේන්තුවේදී සඳහන්...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...