27 C
Colombo
Saturday, April 20, 2024

බාල පොහොර වෙනුවෙන් කෝටි 107ක් ගෙවා ඇති බව හෙළිවේ

- Advertisement -

සමාගම් එකොළහක් ආනයනය කළ භාවිතයට නුසුදුසු පොහොර තොගයක් වෙනුවෙන් ජාතික පොහොර ලේකම් කාර්යාලය පසුගිය රජය සමයේදී (2020) වංචනික ලෙස මුදල් ගෙවීමෙන් රජයට රුපියල් කෝටි එකසිය හතකට වැඩි මුදලක් පාඩු සිදුවී ඇතැයි ජාතික විගණන කාර්යාලය වාර්තා කරනවා.

සමාගම් 11ක් (ජාතික පොහොර ලේකම් කාර්යාලය විසින් පවත්වාගෙන යනු ලැබූ ලිපි ගොනු 26 කට අදාළව) අවස්ථා 34 කදී ටීඑස්පී පොහොර මෙට්‍රික් ටොන් 15,415 ක්ද එම්.ඕ.පී පොහොර මෙට්‍රික් ටොන් 4611ක්ද යූරියා මෙට්‍රික් ටොන් 1036ක්ද එස්.ඒ මෙට්‍රික් ටොන් 783ක්ද එන්.පී.කේ පොහොර මෙට්‍රික් ටොන් 150ක්ද එස්. ඊ.එස් පොහොර මෙට්‍රික් ටොන් 270ක්ද ආනයනය කර ඇති බවත් නියැදී පරීක්ෂණ වාර්තා ලිපිගොනුවලින් ඉවත් කර ව්‍යාජ රසායනාගාර වාර්තා සකස් කර එම භාවිතයට නුසුදුසු පොහොර වෙළෙඳපොළට නිකුත් කර ඇති බවත් විගණන විමර්ශනවලදී තොරතුරු හෙළිවී තිබෙනවා.

ව්‍යාජ රසායනාගාර වාර්තා ඇතුළත් කරමින් අසමත් පොහොර තොග සඳහා වෙළඳ අනුමැතීන් දුන් අවස්ථා නියැදි විගණනයේදි හෙළිවූ බවද එම විගණන වාර්තාවේ දැක්වේ.

මේ අතර එක්තරා පොහොර සමාගමක් අවස්ථා 12කදී ආනයනය කරන ලද ටීඑස්පී පොහොර මෙට්‍රික් ටොන් 6,500 කට අදාළ රසායනාගාර පරීක්ෂණයන්හි සැලකිය යුතු වෙනස්කම් පැවතුණු බවත් ඒවායේ ඊයම් ප්‍රතිශතද අනුමත පරාමිතීන්ට අනුකූල නොවුණත් ඒ සම්බන්ධයෙන් වෙළෙද අනුමැතිය ලබාදී තිබු බවත් විගණන විමර්ශනවලදී වැඩිදුරටත් තොරතුරු හෙළිවී ඇත.

පොහොර සමාගම් 2019 අවසාන කාර්තුවේදී සහ 2020 මුල් කාර්තු දෙකේදී (අවස්ථා 253 කදී) පොහොර ආනයනය කර ඇති බවත් ඉන් අවස්ථා 213 කදී ආනයනික මිල ගණන් කමිටුව තීරණය කළ මිල ගණන් වලට වඩා අඩු අගයක් ගෙන තිබූ බවත් පැවසේ.

ඒ අනුව අඩු මිලට ගෙන්වූ පොහොර සඳහා ජාතික පොහොර ලේකම් කාර්යාලය කමිටුව තීරණය කළ මිල මත පොහොර සමාගම්වලට කෝටි 46 කට වැඩි මුදලක් වැඩිපුර ගෙවා ඇතැයි විගණන වාර්තාවේ සඳහන් වේ.

RECENT ARTICLES - SINHALA

හමුදාව හැරගිය අයට අද සිට පොදු සමා කාලයක්

ශ්‍රි ලංකා යුද්ධ හමුදාවේ දීර්ඝ කාලීනව නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින හමුදා සාමාජිකයන් හට අද (20) සිට පොදු සමා කාලයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා....

පෑලියගොඩ මාළු මිල ඉහළට

0
අද (20) දිනයේ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ මාළු කිලෝවක තොග මිල පසුගිය දින කිහිපයට සාපේක්ෂව ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව, මාළු කිලෝවක මිල මෙලෙස සටහන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (20) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. දෙහි මිල රු 1000, ඉගුරු රු 2800, රාබු රු 60,තක්කාලි...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

ඊශ්‍රායලයෙන් ඉවත් වෙන්නැයි ඕස්ට්‍රේලියානුවන්ට නිවේදනයක්

ඉරානය වෙත ඊශ්‍රායලය ප්‍රහාර මාලාවක් දියත් කිරීමත් සමඟ ඊශ්‍රායලයේ වෙසෙන සිය වැසියන්ට එරටින් ඉවත් වෙන ලෙස ඕස්ට්‍රේලියාව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. ඊශ්‍රාලයෙන් ඉවත් වීම...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...