31 C
Colombo
Thursday, May 9, 2024

යුද්ධයේ සුන්බුන් ගාසාවෙන් ඉවත් කරන්න වසර 14ක් ‍යනවා – එක්සත් ජාතීන්

- Advertisement -

ඊශ්‍රායල හා පලස්තීන යුද ගැටුමෙන් ගාසා තීරයේ ඉතිරි වූ පුපුරා නොගිය බෝම්බ ඇතුළු විශාල සුන්බුන් ප්‍රමාණය ඉවත් කිරීමට වසර 14ක් පමණ ගතවනු ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිලධාරියෙක් පවසා තිබෙනවා.

ජිනීවාහි පැවති සාකච්ඡාවකදී එක්සත් බිම් බෝම්බ සම්බන්ධ ක්‍රියාකාරී සේවයේ (UN mine action service) ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු මේ බව අනාවරණය කර තිබුණා.

ඔහු පෙන්වා දී තිබුණේ පුළුල් ලෙස නාගරීකරණය වූ ගාසාහි භූමි ප්‍රදේශ තුළ යුද්ධයෙන් ඉතිරි වුණු සුන්බුන් ටොන් මිලියන 37ක් ඇති බවට ඇස්තමේන්තු ගත කර ඇති බවයි.

ගාසා තීරයෙන් සොයාගත් පුපුරා නොගිය බෝම්බ ප්‍රමාණය නිශ්චිතව ගණනය කළ නොහැකි වුවද, විනාශ වූ ගොඩනැගිලිවල සුන්බුන් ආදී ද්‍රව්‍ය ඉවත් කිරීමට වසර 14ක් පමණ ගත වනු ඇති බව එම නිලධාරියා තවදුරටත් පවසා තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

Breaking: ඩයනාට විදෙස් ගමන් තහනමක්

හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට විදේශගත වීම වළක්වාලමින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (09) තහනම් නියෝගයක් නිකුත් කළා. එම නියෝගයේ පිටපත් ආගමන හා විගමන පාලකවරයා...

රාජ්‍ය සේවක වැටුප ගැන ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

වැටුප් සංශෝධන පිළිබඳ විවිධ ඉල්ලීම් තිබුණත්, ඒ පිළිබඳ සලකා බැලීමට ප්‍රමාණවත් රාජ්‍ය ආදායමක් මේ වසර තුළ නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අද උදෑසන...

වසරේ ගෙවුණු කාලය තුළ ඉන්දීය ධීවරයින් 178ක් අත්අඩංගුවට

වසරේ ගතවූ කාලය තුළ නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 178 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. නාවික හමුදාව ප්‍රකාශ කළේ, යාත්‍රා 23ක්ද අත්අඩංගුවට ගෙන...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

හෙද සේවය ඇතුළු සෞඛ්‍ය සේවාවල විශ්‍රාම වයස් සීමාවේ වෙනසක්

හෙද කාර්ය මණ්ඩලයේ ඇතුළු ඇතැම් සෞඛ්‍ය සේවාවල විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 දක්වා දිර්ඝ කරන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව...

ලිට්‍රෝ ගෑස් ලොකු වැඩකට අත ගහලා

නව ගෑස් පිරවුම් පර්යන්තයක් හෙට (08) දිනයේ කඩුවෙල – මාබිම ප්‍රදේශයේ දී විවෘත කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා...