24 C
Colombo
Monday, December 11, 2023

උතුරේ හර්තාලයට මුස්ලිම් දේශපාලන පක්ෂවල සහාය

- Advertisement -


උතුරු නැගෙනහිර පළාත් වල අද(11)පැවැත්වෙන හර්තාලයට එම දෙපළාතේ මුස්ලිම් වැසියන්ගේ ද සහයෝගය ලබාදෙන්නැයි ශ්‍රී ලංකා මුස්ලීම් කොංග්‍රසය හා සමස්ත ලංකා මහජන කොංග්‍රසය ඉල්ලා සිටී.

ශ්‍රි ලංකා මුස්ලීම් කොංග්‍රසයේ ලේකම් නිසාම් කාරියප්පර් මහතා නිවේදනයක් නිකුත් කරමින් එම ඉල්ලීම කර ඇති අතර කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් මියයන මුස්ලීම් ජාතිකයින්ගේ මෘතදේහ ආදාහනය කිරීමේ ආණ්ඩුවේ තීරණයට විරෝධය දැක්වීමට ද එය අවස්ථාවක් යැයි එහි සඳහන් වේ. 

එසේම වර්මානයේදි මෙරට සුළු ජන කොටස් පීඩිත ජනතාවක් බවට පත්ව ඇතැයි චෝදනා කරමින් නිවේදනයක් නිකුත් කරන සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක රිෂාඞ් බදියුදීන් මහතා පවසන්නේ  අවම වශයෙන් තමන්ගේ මිය ගිය ඥාතීන් සිහිපත්කිරීමේ අයිතිය අහිමි කළ ආණ්ඩුවට ප්‍රජාතන්ත්‍රවාදි විරෝධතාවයන් මගින් විරෝධය පළ කළ යුතු බවයි.

මෙරට මුස්ලීම් ජනතාවගේ මෘතදේහ ආදාහනය කිරීමේ තීරණයට දෙමළ නායකයින්ද සිය විරෝධය පළකරමින් සහයෝගය ලබාදෙමින් සිටින බව මුස්ලිම් ජනයා අමතක නොකළ යුතු යැයි ද සුළු සුළු ගැටුම් අමතකකොට අප මේ අවස්ථාවේ එකමුතුව මේ මර්දනයන්ට එරෙහිව විරෝධය දැක්විය යුතු යැයි ද බදියුදීන් මහතා වැඩිදුරටත් පවසයි.

RECENT ARTICLES - SINHALA

වැට් බදු පනත් කෙටුම්පත අද යළිත් පාර්ලිමේන්තුවට

වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත අද (11) දිනයේ සම්මත කර ගැනීමට නොහැකි වුවහොත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ දෙවන ණය වාරිකය සහ ලෝක බැංකුව මඟින් ලබාදෙන...

AI තාක්ෂණයට ඉතිහාසයේ වැඩිම මුදල අයවැයෙන් වෙන් කළා- ජනාධිපති රනිල්

කෘත්‍රීම බුද්ධිය හෙවත් AI තාක්ෂණය මෙරටට ගෙන ඒමට සහ විද්‍යාත්මක හා තාක්ෂණ පර්යේෂණ කටයුතු ඉදිරියට ගෙන යාම වෙනුවෙන් මෙරට ඉතිහාසයේ වෙන් කළ වැඩිම මුදල...

වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත යළි හෙට පාර්ලිමේන්තුවට

පාර්ලිමේන්තුවට අද (10) දින ඉදිරිපත් කර සම්මත කිරීමට නියමිතව තිබූ වැට් බදු පනත් සංශෝධන පනත් කෙටුම්පත යලි හෙට (11) දිනයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත...

POPULAR ARTICLES

රට පුරා විදුලිය විසන්ධි වෙයි

මේ වන විට ලංකාව පුරා හදිසි විදුලිය බිඳ වැටීමක් සිදුව ඇති බව විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්න මහතා  පවසනවා. පද්ධතියේ ඇතිවී තිබෙන දෝෂයක්...

අර්ජුනගෙන් අලුත් සන්ධානයක්

දූෂිතයින්ගෙන් සහ වංචාකාරීන්ගෙන් තොර නව සන්ධානයක් බිහි කරන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රිකට් නායකයෙකු වන අර්ජුන රණතුංග පවසනවා. ඔහු මේ බව කියා සිටියේ, අස්ගිරි...

රාජ්‍ය සේවකයින්ට විශේෂ අත්තිකාරම් මුදලක්

ලබන වසර සඳහා රාජ්‍ය නිලධාරීන්ට විශේෂ අත්තිකාරම් මුදලක් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ, ඒ අනුව රුපියල් 4,000ක...