27 C
Colombo
Monday, August 8, 2022

ජයශ්‍රී කණ්ඩායමට ගී ගැයීමට තහනමක්

- Advertisement -

ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන ජයශ්‍රී සංගීත කණ්ඩායමට කොළඹ වාණිජ මහාධිකරණය විසින් වාරණ නියෝගයක් අද (17) නිකුත් කළා.

ඒ අනුව එම සංගීත කණ්ඩායම ගායනා කළ “මොඩ් ගොවියා” ගීතය ඇතුළු ජනප්‍රිය ගීත 20 ක් ගායනා කිරීම, ප්‍රවර්ධනය කිරීම, අලෙවි කිරීම හා අන්තර්ජාලය වෙත මුදා හැරීම ලබන 31 වැනිදා දක්වා වළක්වමින් වාරණ නියෝගයක් නිකුත් කිරීමට කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා නියෝග කළා.

එම ගීත රචනා කර, තනු නිර්මාණය කළ ජයශ්‍රී සංගීත කණ්ඩායමේ සාමාජිකයෙකුව සිටි අරුණ ලියාන් මහතා විසින් බුද්ධිමය දේපළ පනත යටතේ ගොනු කර තිබූ නඩුවක් සළකා බැලූ විනිසුරුවරයා මෙම සංගීත කණ්ඩායමේ සෙසු සාමාජිකයින් වන රෝහිත ජයලත් සහ රොහාන් ජයලත් යන සොහොයුරන් දෙදෙනා හට එම වාරණ නියෝගය නිකුත් කරනු ලැබූවා.

තමන් ඇතුළු රෝහිත ජයලත් හා රොහාන් ජයලත් යන අය විසින් එම සංගීත කණ්ඩායම ආරම්භ කළ බවත්, වගඋත්තරකරුවන් දෙදෙනා පමණක් මේ වනවිට එම ගීත ගායනා කිරීම මගින් තමන්ගේ සම කර්තෘ අයිතිය උල්ලංඝණය වී ඇති බවත් පැමිණිලිකරු පෙන්වාදී තිබෙනවා.

ඒ අනුව වගඋත්තරකරුවන් ලෙස නම් කොට ඇති රෝහිත ජයලත් සහ රොහාන් ජයලත් යන අයට ලබන 31 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස විනිසුරුවරයා නියෝග කළා.

RECENT ARTICLES - SINHALA

චීන නැව නැංගුරම් ලෑම කල් දාන්නැයි ශ්‍රී ලංකාව චීනයෙන් ඉල්ලයි!

ලබන 11 වැනිදා හම්බන්තොට වරායට පැමිණීමට නියමිත චීන පර්යේෂණ නෞකාවක් වන ‘යුවාන් වැන්ග් 5’ (Yuan Wang – 5) පිළිබඳ ඉන්දීය රජය සිය...

හදිසි නිතිය වහාම ඉවත් කරන්න..! – සජිත්ගෙන් ජනපතිට ඉල්ලීමක්

දැනට ක්‍රියාත්මක හිදිසි නිතිය වහාම ඉවත් කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා තිබෙනවා. ඒ,...

විනාශ වූ තට්ටු දෙකේ නිවාස වෙනුවට මන්ත්‍රීවරුන්ට තට්ටු 3ක නිවාස..! – වජිර

මැයි 09 වැනිදා ඇතිවූ කළහකාරී සිදුවීම් අතරතුර ගිනිතබා විනාශ කළ, දේශපාලනඥයන්ගේ සහ ව්‍යාපාරිකයන්ගේ නිවාස ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් යළිත් ඉදිකර දියයුතු බව එක්සත් ජාතික...

RECENT ARTICLES - ENGLISH

Long March 5B: Debris from Chinese rocket falls back to Earth

0
Chinese rocket debris has crashed to Earth over the Indian and Pacific oceans, US and Chinese officials say. China's...

Rights group seeks arrest of former Sri Lanka president in Singapore

0
A rights group documenting alleged abuses in Sri Lanka has filed a criminal complaint with Singapore’s attorney general, seeking the arrest of...

President reaffirms Sri Lanka’s commitment to uphold rights of peaceful, non-violent assembly

0
President Ranil Wickremesinghe has reaffirmed Sri Lanka’s commitment to upholding the rights of peaceful, non-violent assembly.  The President expressed...