29 C
Colombo
Friday, June 2, 2023

කුරුණැගල නගරාධිපතිගේ උපන්දින සාදය රූගත කළ මාධ්‍යවේදියා පොලීසියට

- Advertisement -

මේ වන විට ආන්දෝලනයට තුඩුදී තිබෙන කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතාගේ උපන්දින සාදයට අදාළව ප්‍රකාශයක් සටහන් කරගැනීමට මාධ්‍යවේදී නිරෝෂන් ජයතිස්ස මහතා පොලීසියට කැඳවා තිබෙනවා.

එදින ‘කොවිඩ් -19 වසංගය දුරුවේවා’ යැයි ප්‍රාර්ථනා කරමින් කුරුණෑගල පොලීසිය විසින් සංවිධානය කරන ලද සත් දින පිරිත් දේශනාවක්ද කුරුණෑගල පොලිස් පරිශ්‍රය තුළ පවත්වා ඇති අතර එයට මාධ්‍යවේදීන්ද සහභාගී කරවාගෙන තිබුණා.

එම අවස්ථාවේදී කුරුණෑගල සහකාර පොලිස් අධිකාරී සමන් දිසානායක මහතා විසින් සංවිධානය කරවූ බව කියන මෙම උපන්දින සාදය රූගත කිරීමටද මාධ්‍යවේදීන්ට ආරාධනා කර තිබෙන බවයි පැවසෙන්නේ.

කෙසේ වෙතත් මෙම උපන්දින සාදයට අදාළව කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීවගෙන් මෙතෙක් ප්‍රකාශයක් ලබාගෙන නොමැතිවීමද විශේෂත්වයක්.

ඔහු මේ වන විට සිය නිවසේ ස්වයං නිරෝධායනයට යොමුකර තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

සිරකරුවන් පිරිසකට ජනපති සමාව

පොසොන් පුර පසළොස්වක පොහොය වෙනුවෙන් බන්ධනාගාරගත සිරකරුවන් පිරිසකට ජනාධිපති සමාව පිරිනමා තිබෙනවා. ඒ අනුව පොසොන් පොහොය දින වනවිට බන්ධනාගාරගතව...

IMF නියෝජිත පිරිස වරාය නගරයේ චාරිකාවක

ශ්‍රී ලංකාවේ නිල සංචාරක නිරත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස අද (01) පෙරවරුවේ වරාය නගරයේ සහ වරාය පර්යන්තවල චාරිකාවකට එක් වී තිබෙනවා.

අබුඩාබි නැවේ ඉංජිනේරුවා මුහුදට වැටී මරුට

ගාල්ල ධීවර වරායේ නැංගුරම්ලා තිබූ අබුඩාබි රාජ්‍යයට අයත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක ප්‍රධාන ඉංජිනේරුවරයා එම නෞකාවේ ඉහළ මහලේ සිටියදී අද(01) අළුයම මුහුදට ඇද...

RECENT ARTICLES - ENGLISH

“Don’t panic, there is no fuel shortage”: Kanchana

0
Power and Energy Minister, Kanchana Wijesekara, has issued a reassuring message to the public regarding concerns about fuel shortages. He urges everyone...

Several state institutions gazetted under Finance Ministry

A gazette notification has been issued bringing several state-owned institutions including the Colombo Lotus Tower Management Company, Sri Lanka Cement Corporation, State...

Breaking: SLVlog owner arrested by CID

0
Owner of the SLVlog Bruno Diwakara was arrested by the CID a short while ago. Diwakara was summoned to...