තිදෙනෙකුට මරු කැඳවමින් කඩා වැටුණු මහනුවර – බූවැලිකඩ පස් මහල් ගොඩනැගිල්ලේ හිමිකරු වන අනුර ලෙව්කේ මහතා රුපියල් 25000 ක මුදල් හා රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මහනුවර මහාධිකරණ විනිසුරු M.U.ගුණවර්ධන මහතා අද (01) නියෝග කළා.
ගොඩනැගිල්ල කඩා වැටීමෙන් පසු මහනුවර පොලීසියේ අපරාධ අංශය මගින් අපරාධ චෝදනා යටතේ එහි හිමකරු වන අනුර ලෙව්කේ මහතා අත්අඩංගුවට ගනු ලැබුවා.
මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අවස්ථා තුනකදී රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද සැකකරුව අද (01) මහනුවර මහාධිකරණයෙන් ඇප හිමිවූයේ දින 64 කට පසුවයි.
විත්තිකරු වෙනුවෙන් ජනාධිපති නීතීඥ අනුර මැදගොඩ,සමන් තන්තිරිගේ හා මාධවී ලෙව්කේ යන මහත්ම මහත්මීන් පෙනී සිටියා.
කඩා වැටුණු පස් මහල් ගොඩනැගිල්ලට යාබදව පිහිටි හෝටලයක කාමරයක් තුළ සිටි එම හෝටලයේ හිමිකරු, ඔහුගේ බිරිඳ හා ඔවුන්ගේ දින 50 ක් වයසැති දියණිය මරණයට පත් වුණා.
නඩුව මෙම මස 08 දින යළි කැඳවීමට නියමිතයි.
කඩාවැටුණු මහනුවර පස්මහල් ගොඩනැගිල්ලේ හිමිකරුට ඇප

- Advertisement -
RECENT ARTICLES - SINHALA
ඇමති බන්දුලට හූ කියා ගිය පුද්ගලයෙක් පොලිස් අත්අඩංගුවට
ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හෝමාගම පිටිපන හන්දිය ආසන්නයේ අභිනවයෙන් ඉදි කෙරෙන බුද්ධ මන්දිරයකට මුල්ගල් තබන අවස්ථාවේදී හූ...
ලැබෙන ආධාරවලින් හෝ රාජ්‍ය සේවක වැටුප් ගෙවනවා – අගමැති
මැතිවරණ කොමිසමේ සාමාජිකයන් ඉදිරි දිනවලදී කැඳවා සාකච්ඡා කිරීමට සූදානම් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.
පළාත් පාලන ඡන්දය පැවැත්වීමට...
බැසිල් හදිසියේම ජනපති හමුවෙයි
බැසිල් රාජපක්ෂ මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සතියේ ඉතා පෞද්ගලික මට්ටමේ සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වනවා.
RECENT ARTICLES - ENGLISH
‘Prophet’ Uebert Angel involved in gold smuggling scheme
One of Zimbabwe’s most influential diplomats, Uebert Angel, offered to use his status to launder millions of dollars through a gold-smuggling scheme,...
IMF agreement: President hasn’t tabled Letter of Intend, alleges Harsha
SJB MP Dr. Harsha de Silva alleged President Ranil Wickremesinghe has not tabled the Letter of Intent with regard to the IMF...
Andrew Tate to spend another month behind bars
Controversial influencer Andrew Tate and his brother Tristan will remain in custody in Romania for a fourth consecutive month, a court has...