29.4 C
Colombo
Friday, April 26, 2024

කත්‍රිනා කයිෆ් විකී කෞෂාල් රහසේම යුග දිවියට

- Advertisement -

බොලිවුඩයේ අතිශය ජනප්‍රිය තරු යුවළක් වන කත්‍රිනා කයිෆ් සහ විකී කෞෂාල් ගේ විවාහ මංගල්‍යය ඊයේ (07) ආරම්භ වන බව මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඔවුන්ගේ විවාහ මංගල්‍යය පිළිබඳ නිල වශයෙන් මාධ්‍ය වෙත දැනුම් දී නැති අතර එය දිගින් දිගටම පැවතුණේ රහසක් ලෙසයි.

කයිෆ්ගේ සමීපතම මිතුරකු ලෙස සැලකෙන සල්මාන් ඛාන් විවාහ මංගල්‍යය සඳහා සහභාගී නොවන නමුත් ඔහුගේ දිගුකාලීන ආරක්ෂකයකු වන ගුර්මීත් සිං වෙත විවාහය පැවැත්වෙන Six Senses Fort Barwara හි ආරක්ෂාව භාර දී ඇතැයි පැවසෙනවා.

කත්‍රිනා කයිෆ් ඉරිදා රාත්‍රියේ තම මව, සහෝදරයා සහ සහෝදරිය සමඟ ජායිපූර් හි කෞෂාල්ගේ නිවසට පැමිණ ඇති බවත් එය ඉන්දියානු චාරිත්‍රවලට අනුකූලව විවාහ දිනයට පෙර පවත්වනු ලබන පූර්ව උත්සයක් බව මාධ්‍ය ප්‍රකාශ කර තිබෙනවා.

මාධ්‍ය වාර්තාවලට අනුව මෙම යුවළ ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රාන්තයේ Six Senses Fort Barwara හි දී විවාහ වීමට නියමිත අතර විවාහ මංගල්‍යය අදින් ආරම්භ වෙනවා.

ඒ අනුව විවාහ මංගල්‍යයේ පළමු දිනය වන ඊයේ දිනයේ සංගීත උත්සව පැවැත්වෙනු අතර අද දිනයේ මෙහෙන්දි හෝ හෙනා උත්සවය පැවැත්වෙනු ඇති බව ද මාධ්‍ය වාර්තා පෙන්වා දී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

මෛත්‍රීගේ පාස්කු මහමොළකරු කතාවට ටිරාන්ගෙන් උත්තර

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ඉරු දින ප්‍රහාරයට මේ රටේ පුරවැසියකු ගැන හෝ මේ රටේ පුරවැසියෙකුගේ සම්බන්ධතාවක් ගැන හෝ කිසිදු තොරතුරු හෙළි කර...

නව පත්කිරීම් කිහිපයකට අනුමැතිය

නව තානාපතිවරයෙක්, අමාත්‍යාංශ ලේකම්වරයෙක් සහ ආයතන සභාපතිවරයන් දෙදෙනෙක් පත් කිරීම සඳහා පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබා දී තිබෙනවා. ඒ අනුව...

අයිස් සමග හසුවූ ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනා තවදුරටත් රිමාන්ඩ්

මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකපිට අත්අඩංගුවට ගත් නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සැකකරුන් හතර දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (26)...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...