33 C
Colombo
Wednesday, May 8, 2024

තාත්තා වෙනුවෙන් කෙහෙළියගේ දුව මානව හිමිකම් කොමිසමට (වීඩියෝ)

- Advertisement -

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණිය වන චමිත්‍රි රඹුක්වැල්ල මහත්මිය අද (27) පෙරවරුවේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙත පැමිණ පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබූවා.

ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය පවසා සිටියේ නීතියේ සාධාරණත්වය තම පියා හට නොලැබෙන බැවින් මෙම මානව හිමිකම් කඩවීම පිළිබදව තමන් මෙලෙස පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවයි.

පරීක්ෂණයකින් අනතුරුව ලැබෙන සාක්ෂි මත පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමක් සිදුවුවද තම පියාව අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව මේ වන විට පරීක්ෂණ ක්‍රියාත්මක වන බව චමිත්‍රි රඹුක්වැල්ල මහත්මිය පෙන්වා දෙනවා.

මෙය අත්තනෝමතික අත්අඩංගුවට ගැනීමක් බවත් තම පියාට සාධාරණයක් ඉටුවේයැයි තමන් බලාපොරොත්තු වන බවත් ඇය මෙහිදී වැඩිදුරටත් සදහන් කළා.

පැවති රාජපක්ෂ රජය සමයේදී කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණිය වන චමිත්‍රි ජයනිකා රඹුක්වැල්ල මහත්මිය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලයේ දෙවැනි ලේකම්වරිය ලෙස පත්කර යවනු ලැබූවා.

පසුව 2015 වසරේදී යහපාලන රජය බලයට පත්වීමත් සමඟ විදේශ රටවල පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල අනුයුක්තව දෙවැනි පෙළ දේශපාලන පත්වීම් ලැබූ 36 දෙනෙකු යළිත් මෙරටට කැඳවීමට තීරණය කළා.

එහිදී හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණිය වූ චමිත්‍රි රඹුක්වැල්ල මහත්මිය, හිටපු රාජ්‍ය ආරක්ෂක මාධ්‍ය ප්‍රධානී ලක්ෂ්මන් හුළුගල්ල, යෝෂිත රාජපක්ෂ මහතාගේ එවක පෙම්වතිය වූ යසාරා අබේනායක ඇතුළු පිරිසක් යළි මෙරටට කැඳවීමට විදේශ කටයුතු අමාත්‍යංශය කටයුතු කර තිබුණා.

අදාළ ලැයිස්තුව පහතින්,

RECENT ARTICLES - SINHALA

පාර්ලිමේන්තුවටයි කතානායකතුමාටයි නිදහසක් ලැබිලා

සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බවට ප්‍රකාශ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව පිළිබඳ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී...

අධ්‍යාපන ඇමති සහ කොරියානු තානාපතිනිය අතර හමුවක්

අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සහ මෙරට කොරියානු තානාපති මියොන් ලී මහත්මිය අතර ද්වීපාර්ශ්වික සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ශ්‍රී ලංකාව හා කොරියාව අතර වෘත්තීය හා...

අභිරහස් ලෙස මිය ගිය හඳුන් දිවියෙකුගේ සිරුරක් තේ වත්තක

තුවාල සහිතව අභිරහස් ලෙස මියගොස් සිටි හඳුන් දිවියෙකුගේ සිරුරක් අද (08) දින හමු වී තිබෙනවා. හැටන් පොලිස් වසමට අයත් වනරාජා තේ වත්තේ ඉහල කොටසේ ළඳු...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

හෙද සේවය ඇතුළු සෞඛ්‍ය සේවාවල විශ්‍රාම වයස් සීමාවේ වෙනසක්

හෙද කාර්ය මණ්ඩලයේ ඇතුළු ඇතැම් සෞඛ්‍ය සේවාවල විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 දක්වා දිර්ඝ කරන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව...