30.3 C
Colombo
Friday, April 26, 2024

කන්‍යා සොහොයුරියක් 19 වතාවක් දූෂණය කිරීමේ නඩුවෙන් බිෂොප්වරයා නිදහස්

- Advertisement -

ඉන්දියාවේ පැරණිතම ක්‍රිස්තියානි ප්‍රජාවක් කම්පනයට පත් කළ නඩුවක තීන්දුවක් එරට අධිකරණය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව 2014 සිට 2016 දක්වා කාලය තුළ කන්‍යා සොහොයුරියක් දූෂණය කළ බවට චෝදනා ලැබ සිටි බිෂොප්වරයෙකු නිදහස් කිරීමට ඉන්දීය ප්‍රාන්ත අධිකරණයක් නියෝග කළා.

තීන්දුව ප්‍රකාශයට පත්කරමින් කේරළයේ කෝට්ටයම් අතිරේක සැසි විනිසුරු ජී. ගෝපකුමාර් මහතා පැවසුවේ‍ විත්තිකරුට එරෙහි සියලු චෝදනා ඔප්පු කිරීමට පැමිණිල්ල අපොහොසත් වූ බවයි.

අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙම තීන්දුවට එරෙහිව මහාධිකරණය හමුවේ අභියෝග කරන බව කන්‍යා සොහොයුරියගේ නීතීඥයින් පවසනවා.

54 හැවිරිදි බිෂොප්වරයෙක් වන ෆ්‍රැන්කෝ මුලක්කල් 2018 දී දකුණු කේරළ ප්‍රාන්තයේදී අත්අඩංගුවට ගැනුනද ඔහු තමන්ට එල්ලවන මෙම දූෂණ චෝදනා ප්‍රතික්ෂේප කර තිබුණා.

කේරළයේ කොට්ටායම් නගරයේ ඇය ජීවත් වූ කන්‍යාරාමයට ගිය අවස්ථාවේදී මෙම සිදුවීම වූ බවත්, බිෂොප්වරයා තමාව 13 වතාවක් දූෂණය කර ඇති බවත් කන්‍යා සොහොයුරිය එවක සදහන් කළා.

කතෝලික සභාව තම පැමිණිලි නොසලකා හැර ඇති බවට කන්‍යා සොහොයුරිය කළ චෝදනාවෙන් පසුව මෙම කරුණ සම්බන්ධයෙන් දැවැන්ත විරෝධතා සංවිධානය වුණා.

පසුව වතිකානුව විසින් බිෂොප්වරයා තාවකාලිකව රාජකාරිවලින් ඉවත් කරනු ලැබූවා.

කෙසේ වෙතත් වතිකානු නිලධාරීන්ද දූෂණ චෝදනා දෙස ඇස් කන් පියාගෙන සිටින බවට චෝදනා කරමින් බිෂොප්වරයාට එරෙහිව කන්‍යා සොහොයුරියන් විරෝධතාවයේ නිරත වුණා.

මේ හේතුවෙන් විනය අවවාද, ස්ථාන මාරුවීම් සහ සභාවෙන් නෙරපා හැරීම ඇතුළු විවිධ තාඩන පීඩනවලට බොහෝ කන්‍යා සොහොයුරියන් ගොදුරු වූ බවට චෝදනා එල්ල වුණා.

මෙම නඩු තීන්දුවෙන් අනතුරුව ඔවුන් අතර කම්පනය සහ කෝපය තව තවත් ඇවිලී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

RECENT ARTICLES - SINHALA

අපරාධවලින් ඉපයූ ධනය යළි අය කරගන්න නීතියක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග විස්තීරණ ණය පහසුකම ලබා ගැනීම සඳහා එළැඹ ඇති ගිවිසුම අනුව 2014 වර්ෂය වන විට වත්කම් අය කර ගැනීම සම්බන්ධයෙන් පරිපූර්ණ...

නීතිඥ සංගමයට සජබෙන් ආරාධනයක්

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය සඳහා මැදිහත් පාර්ශවයක් ලෙස කටයුතු කිරීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමයට ආරාධනා කර තිබෙනවා. ශ්‍රී...

අමරවීර ඉරානයට

කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (26) ඉරානය බලා පිටත්ව ගොස් තිබෙනවා. ඉරානයේ ‌ටෙහෙරාන් නුවර පැවැත්වෙන EXPO ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාව නියෝජනය...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...