26 C
Colombo
Thursday, May 16, 2024

බන්දුල මාර්ග තදබදයට අසුවුණැයි කිඹුලාවල STREET FOOD ගලවයි

- Advertisement -

තලවතුගොඩ මංසන්ධියට ආසන්නයේ ඇති කිඹුලාවල STREET FOOD ජංගම වෙළෙඳසැල් වහාම එම ස්ථානයෙන් ඉවත්කරගන්නා ලෙසට මාර්ග සංවර්ධන අධිකාරිය විසින් දැනුම් දී තිබෙනවා.

ඒ අනුව එළැඹෙන පෙබරවාරි 24 වැනිදා වනවිට මේ ජංගම වෙළෙඳසැල් සියල්ල එම ස්ථානයෙන් ඉවත් කරගත යුතු වනවා.

මෙම ස්ථානයේ ආහාරපාන ඇතුළු විවිධ දෑ අලෙවිකරන වෙළෙඳසැල් 33ක් පමණ තිබෙන අතර එයින් පවුල් 500 ක් පමණ සියජීවනෝපාය සවිකරගන්නවා.

සතියේ දිනවල මෙන්ම සති අන්තයේද සවස් යාමයේ සිට මධ්‍යම රාත්‍රිය දක්වා මෙම වෙළෙඳසැල් විවෘතව පවතින අතර එම ස්ථානයට විශාල පිරිසක් ආහාරවල රසබැලීම සඳහා පැමිණෙනවා.

අප කළ සොයාබැලීමේදී වාර්තාවූයේ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා එම ස්ථානයෙන් ගමන්ගන්නා අවස්ථාවකදී මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් පැවතීම හේතුවෙන් තදබදයට හේතුවූ මෙම STREET FOOD අවන්හල් එම ස්ථානයෙන් ඉවත්කිරීමට කටයුතු කරන බවයි.

වෙළෙඳුන් පවසන්නේ නාගරික සංවර්ධන අධිකාරිය විසින් මීට සති කිහිපයකට පෙර පැමිණ එම ස්ථානයේ කඩ පවතින භූමියෙහි මැනීම් කටයුතු කර එය විධිමත් කිරීමටද කටයුතු කරන බවට සාකච්ඡා කළ බවයි.

එවැනි තත්ත්වයකදී හදිසියේ මෙවැනි තීරණයක් ගැනීම හේතුවෙන් විදේශිකයන්ගේ පවා අවධානයට යොමුව ඇති මෙම ස්ථානය වසාදැමීම ඔවුන්ගේ ආර්ථිකයට මෙන්ම මෙරට ආර්ථිකයටද සිදුකරන හානියක් බව වෙළෙදුන් පෙන්වා දෙනවා.

RECENT ARTICLES - SINHALA

වංචාවෙන් ඉපැයු දේපල රාජ සන්තක කරනවා-විජයදාස

වංචා සහගතව උපයන ලද දේපල ඉදිරියේදී රාජ සන්තක කිරීමට පියවර ගන්නා බව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා. නීතියේ...

විදුලි ගාස්තු අඩු කිරීමේ යෝජනා ලබාදීමට ලංවිම යළි කල් ඉල්ලලා

විදුලිය බිල අඩු කිරීමේ ප්‍රතිශතය ලබන ජුලි මාසයේදී ප්‍රකාශ කරන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා. ඒ පිළිබඳ යෝජනා ලැබීමෙන් පසු විදුලි බිල අඩු කිරීම...

‘ඩේලි මිරර්’ පුවතක් ගැන මහජන ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිවේදනයක්

ඩේලිමිරර් පුවත්පතේ ඊයේ (15)  දිනයේදී “ලංකාවේ NGO නීතිය හදන්න ඇමෙරිකාව මැදිහත් වී ඇත”  සිරස්තලය යටතේ පළ වූ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් මහජන ආරක්ෂ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත්...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...

යුධ පිටියක් වු කටුගස්තොට

කටුගස්තොට නගරය ආසන්නයේ විවෘත කිරීමට නියමිතව තිබූ මත්ස්‍ය වෙළෙඳ සැළකට කඩා වැදුණු අවිගත් කණ්ඩායමක් ගොඩනැගිල්ලට සහ වාහන දෙකකට පහර දී දැඩි අලාභහානි සිදුකර තිබෙන...