30 C
Colombo
Monday, March 20, 2023

පකිස්තාන තරුණයෙකු ඝාතනයට ලක්වීමත් සමග පකිස්තානයේ ඇෆ්ගන් විරෝධයක්

- Advertisement -

මීට දින කිහිපයකට පෙර පකිස්තානයේ හයිද්‍රාබාද් හි හෝටලයකදී සින්දි ජනවර්ගයට අයත් බිලාල් කකා නමැති තරුණයෙකු ඇෆ්ගන් ජාතිකයන් විසින් ඝාතනය කිරීමත් සමග සින්ද් ප්‍රදේශයේ නීතිවිරෝධී ඇෆ්ගන් ජාතිකයන් පිළිබඳ බරපතල ප්‍රශ්නයක් මතුව ඇති බව වාර්තා වේ.

ඊද් උත්සවය අතරතුර ආපන ශාලාවක දී ආහාර බිල්පතක් සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුවක් මුල් කරගෙන බිලාල් කකාට පතාන් ජනවාර්ගික කණ්ඩායමක් විසින් වෙඩි තබා ඝාතනය කර තිබේ.

වෙඩි තැබූවන් හෝටල් හිමිකරුවන් බවත් එහිදී තවත් තරුණයන් දෙදෙනෙකුට තුවාල සිදුවී ඇති බවත් විදෙස් වාර්තාවල දැක්වේ.

පකිස්තාන වාර්තාවලට අනුව, පකිස්තානයේ සිටින නීතිවිරෝධී ඇෆ්ගනිස්ථාන පදිංචිකරුවන් මත්ද්‍රව්‍ය හා අධික පොලීයට මුදල් ණයට දීමේ යෙදී සිටිති.

පොලිස් බලධාරීන් සහ නීතිය ක්‍රියාත්මක කරන දෙපාර්තමේන්තු එවැනි අංශවලට එරෙහිව ක්‍රියා නොකරන බවට ද චෝදනාවක් එල්ල වී තිබේ.

මේ අතර බිලාල් කකා ඝාතනයට විරෝධය පළ කරමින් කකා ගෝත්‍රික විරෝධතාකරුවන් සිය ගණනක් සින්ද් පළාතේ ජාතික මහා මාර්ගයට පැමිණ විරෝධතාවයේ නිරත වී ඇති බව ද වාර්තා වේ.

RECENT ARTICLES - SINHALA

පොලිස්පතිගෙන් සියළු පොලිස් ස්ථානවලට විශේෂ දැනුම් දීමක්

0
පොලීසිය විසින් සිදුකරන වැටලීම්, මෙහෙයුම්, සැකකරුවන්ගේ ප්‍රශ්ණ කිරීම්, අත්අඩංගුවට ගැනීම ආදිය සම්බන්ධව වීඩියෝ දර්ශන, පින්තුර මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කර ප්‍රචාරය කිරීම සියලුම...

විදුලි පාවිච්චිකරන්නන්ගේ සංගමයට ඇමති ගෝලයෝ පහරදීලා

දිවුලපිටිය - ගොඩිගොමුව ප්‍රදේශයේදී විදුලි පාවිච්චිකරන්නන්ගේ සංගමයේ සාමාජීකයින් කිහිපදෙනෙකුට පහරදීමක් සිදුකර තිබෙනවා. විදුලි බිල ඉහළ දැමීමට එරෙහිව එම සංගමය...

වසන්ත මුදලිගේ ෂැන්ග්‍රිලා ගියාද? ඇත්ත මෙන්න

0
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වන වසන්ත මුදලිගේ මහතා සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍යවල දැඩි කතාබහක් ඇතිව තිබෙනවා.

RECENT ARTICLES - ENGLISH

Breaking: Dimuth to step down from captaincy

0
Sri Lanka Cricket Test Skipper Dimuth Karunaratna today said he has informed the SLC selection committee that he will step down from...

“We are no longer a bankrupt nation”: President

0
President Ranil Wickremesinghe said Sri Lanka will no longer be declared a bankrupt nation in the next few days.

BREAKING – Unit 3 of Norochcholai power plant breakdown again

0
Unit 3 of the Norochcholai Coal Power Plant has experienced a breakdown, Minister of Power and Energy Kanchana Wijesekera said.