30.3 C
Colombo
Friday, April 26, 2024

පොලිසියට ප්‍රමුඛතා එන්නත් හිඟයක්

- Advertisement -

පොලිස් නිලධාරින්ට කොවිඩ් මර්දන එන්නත් සපයාගැනීම පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ රාජකාරියක් බවට පත්වන සේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් උපදෙස් දීම නිසා මේ වනවිට ඔවුහු දැඩි අපහසුතාවයකට පත්ව සිටින බව ‘නිව්ස් 19’ ට වාර්තා වේ.

රාජකාරියේ නියුතු පොලිස් නිලධාරින්ට වෙනම එන්නත් ලබාගැනීමේදී ප්‍රමාදයක් පවතින බැවින් ඉදිරි කාලය තුළ දිස්ත්‍රික් මට්ටමින් හා ප්‍රාදේශීය මට්ටමින් එන්නත් ලබාදීම සිදුවන අවස්ථාවලදී ප්‍රදේශීය ලේකම් හා ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් හා ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධරයන් සමග මනා සම්බන්ධීකරණයකින් කටයුතු කර එම එන්නත් ලබාගන්නැයි ඔවුන්ට උපදෙස් දී ඇත.

කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති රෝගීන් හා නිරෝධායනයට ලක්කර ඇති තැනැත්තන්ගේ සුබසාධන කටයුතුවලදී හා ඔවුන්ගේ අධීක්ෂණ කටයුතුවලදී පොලිස් නිලධාරින් විශාල පිරිසක් සේවයෙහි නිරත වී සිටින අතර ඔවුන්ගෙන් සැලකිය යුතු පිරිසකට මේ වනතුරුත් එන්නත් ලැබී නැත.

එසේ වුවද ඉහළ නිලධාරින් උපදෙස් දී ඇත්තේ පොලිස් නිලධරයන් හට ප්‍රාදේශීය මට්ටමින් එන්නත් ලබාගැනීමේදී ක්‍ෂේත්‍රයේ අවදානම් රාජකාරි සඳහා යොදනු ලබන නිලධරයන් හට ප්‍රමුඛත්වය දක්වා එන්නත් කරගැනීමට මූලස්ථාන පොලිස් පරීක්ෂක ස්ථානාධිපතිවරුන් ක්‍රියා කළ යුතු බවය.

ඊට අමතරව එලෙස තම ස්ථානයේ නිලධරයන් හට ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් මගින් එන්නත් කර ගැනීමට හැකිවන අවස්ථාවලදී එන්නත් ලබාදීමට හැකි වූ නිලධරයන් සම්බන්ධ වාර්තාවක් එදිනම කොට්ඨාස කොවිඩ් මෙහෙයුම් මැදිරියේ ස්ථානාධිපති මගින් කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට යොමුකරන්නැයි ද එම උපදෙස් අතර වේ.

කෙසේ වෙතත් හදිසියේ ලැබුණු මෙම ලිඛිත දැනුම් දීමෙන් කල්තියා සූදානම් කර ඇති ප්‍රාදේශීය එන්නත්කරණ වැඩපිළිවෙලින් තමන්ට කියා වෙනම එන්නත් වෙන්කර ගැනීම ප්‍රායෝගිකව දුෂ්කර කාරියක් බව පොලිස් ස්ථානාධිපතිවරු පවසති.

RECENT ARTICLES - SINHALA

නීතිඥ සංගමයට සජබෙන් ආරාධනයක්

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය සඳහා මැදිහත් පාර්ශවයක් ලෙස කටයුතු කිරීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමයට ආරාධනා කර තිබෙනවා. ශ්‍රී...

අමරවීර ඉරානයට

කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (26) ඉරානය බලා පිටත්ව ගොස් තිබෙනවා. ඉරානයේ ‌ටෙහෙරාන් නුවර පැවැත්වෙන EXPO ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාව නියෝජනය...

කොළඹට හෙට පැය 14ක ජල කප්පාදුවක්

හෙට (27) පස්වරු 05 සිට පැය 14ක කාලයක් කොළඹ, දෙහිවල - ගල්කිස්ස හා මොරටුව ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...