28.8 C
Colombo
Wednesday, March 26, 2025

දියතලාව අනතුරේ නවතම තත්වය

- Advertisement -

දියතලාව ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් තරගාවලිය අතරතුර සිදු වූ අනතුරින් තවත් පුද්ගලයෙක් මියගොස් තිබෙනවා.

ඒ අනුව එම අනතුරින් මිය ගිය ගණන 7ක් වන අතර මෙම ධාවන තරගයේ සහයකවරුන් 4 දෙනෙකු ද මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරනවා.

අනතුරින් තුවාල ලැබූ සංඛ්‍යාව 23ක් දක්වා ඉහළ ගොස් ඇති බව යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රවී හේරත් මහතා පවසනවා.

මේ අතර බරපතල තුවාල ලබා සිටි එක් තුවාලකරුවෙක් බදුල්ල රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.

අදාළ අනතුර හේතුවෙන් ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් තරගාවලියේ පැවැත්වීමට තිබූ ඉදිරි තරග සියල්ලමද අත්හිටුවීමට සංවිධායකයන් කටයුතු කර තිබෙන බවට වාර්තා වනවා.

ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් තරගාවලියේ 17 වැනි ඉසව්ව ලෙසින් ක්‍රියාත්මක වූ SLH 2000cc ධාවන ඉසව්වේ දී මෙම අනතුර සිදුව ඇති අතර, එලෙස අනතුරට පත් ව ඇත්තේ සුබාරු ලෙගසි වර්ගයේ මෝටර් රථයක් බවයි වාර්තා වන්නේ.

RECENT ARTICLES - SINHALA

ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහි නඩුවක් විභාගයට ගැනේ

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තිදෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව අද (26) කොළඹ මහාධිකරණය හමුවේ යළි විභාගයට ගනු ලැබුවා. ‍ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වෙළෙඳ...

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු සහ තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනය කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කළ තිබෙනවා. අද පස්වරු 01.00ට නිකුත් කරන ලද එම නිවේනදය අද රාත්‍රී 11.00 දක්වා...

සම්බාධක පැනවීම ඒකපාර්ශවික පියවරක් – විදේශ කටයුතු අමාත්‍යාංශය

ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය අතරතුර සිදු වූ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හා අපයෝජන සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවල හිටපු ප්‍රධානීන් ඇතුළු සිව්දෙනෙකුට සම්බාධක පැනවීමට...

POPULAR ARTICLES